විදුලි බිල් පතේ වෙනසක් – නව බඳවා ගැනීම්ද අත්හිටුවයි!

Date:

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව QR කේතය මගින් ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනට වෙනස් කිරීම සිදුකරනු ලැබූවේ ද සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රු. මිලියන 20කට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම මෙම ආයතනවලට අලුතින් සේවක බදවා ගැනීමක් සිදුනොකරන බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය කළමනාකරණකින් යුතුව යෙදවීම හරහා වියදම් හැකිතාක් අවම කරගැනීමට කටයුතුකර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ස්මාට් මනුකියවීම (Smart metering) කඩිනමින් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

එය ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක බවත් පාරිභෝගිකයන් 31000කට ස්මාට් බිල්පත් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී මනුකියවීමෙන් තොරව ඉලෙක්ට්‍රොනික බිල්පත් හා එස්.එම්.එස් මගින් පාරිභෝගිකයාට බිල්පත ලැ‍බීමට නියමිතයි.

අමාත්‍යවරයා මෙම කරුණු දක්වා සිටියේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

එසේම මෙම කාරක සභාවේදී 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද අංක 2313/47 සහ අංක 2313/47 දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග සදහා ද අනුමතිය හිමිවී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...