ගල්අඟුරු මිලදී ගැනීමත් අවදානමක – පවර් කට් තවත් වැඩිවෙයි ?

Date:

අප්‍රේල් මැද භාගයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වාරකන් කාලය එළඹෙන බැවින් මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු තොග රැස්කර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අඟුරු සපයා ගැනීම අවිනිශ්චිත වී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

වාරකන් සමයේදී ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු සිදුකළ නොහැකි බැවින් අප්‍රේල් මාසයට පෙර ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු අවසන් කළ යුතුය. මෙම වසරේ ඉදිරි කාලය තුළ විදුලි නිෂ්පාදනය සඳහා ගල්අඟුරු නෞකා 07 ක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කෙසේ නමුත් මේ වනවිට ඉන්ධන මිලදී ගැනීම සඳහාද ඩොලර් නොමැති තත්වයක් තුළ ගල්අඟුරු නෞකා 07 ක් සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම ආණ්ඩුව මුහුණ දෙන දැවැන්ත අර්බුදයක් වනු ඇත.

මෙම අර්බුදයට විසඳුම් සොයා ගැනීමට ආණ්ඩුව අසමත් වුවහොත් එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ ජනතාවටයි. මේ වනවිටත් ඩීසල් නොමැතිකම නිසා දෛනිකව පැය කිහිපයක විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුව ඇති අතර ගල්අඟුරු නොමැති වුවහොත් මෙම විදුලි කප්පාදුව තවත් පැය කිහිපයකින් දීර්ඝ වනු ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු රටතුළ තිබෙන බවයි. කෙසේ නමුත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ එම ගල්අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවයි. ඉතිරි මාස තුනට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා වැය කළයුතු ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති බවද එම ආයතනය පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...