DP Education පරිගණක පාඨමාලාව ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

Date:

DP Education වැඩසටහන සහ මොරටුව විශ්ව විද්‍යාලය එක්ව පවත්වාගෙන යන Trainee Full Stack Developer මාර්ගගත පාඨමාලාව, යුරෝපා සමුළුව විසින් සංවිධානය කළ 08 වැනි විද්‍යුත් අධ්‍යාපන විශිෂ්ඨතා 2022 (8th e-learning excellence award 2022) සම්මාන උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

මෙම සම්මාන උළෙල ගෝලීය ශ්‍රාස්තාලීය පර්යේෂණ ආයතනයක් වන බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ශ්‍රාස්තාලීය සම්මේලනයේදී පැවැත්විණි. එය විද්‍යුත් අධ්‍යාපනය භාවිතයේ නව්‍ය වැඩසටහන් හඳුනාගැනීම සඳහා පැවැත්වෙන සම්මාන උළෙලක් වෙයි.

Trainee Full Stack Developer පාඨමාලාව මෙරට ප්‍රථම සහ එකම නොමිලේ ලබාදෙන පරිගණක මෘදුකාංග සංවර්ධන මාර්ගගත පාඨමාලාව වේ. එය DP Education වැඩසටහන සහ මොරටුව විශ්ව විද්‍යාලය එක්ව ආරම්භ කරන ලද්දේ 2022 වසරේ පෙබරවාරි මාසයේදී ය. ඒ අනුව වසරකටත් අඩු කාලසීමාවක් තුළ එම පාඨමාලාව මෙසේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.

මෙරට දරු පරපුරට ඩිජිටල් අධ්‍යාපනයේ සමාන අවස්ථාවන් නොමිලේ උදාකර දෙමින් ඔවුන්ව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමේ අඩිතාලම සකස් කරනු පිණිස DP Education යටතේ DP Coding School වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙය දැයේ දූ දරුවන්ට ධම්මික පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රෙසිලා පෙරේරා මහත්මිය විසින් ලබාදෙන පරිත්‍යාගයකි.

Trainee Full Stack Developer පාඨමාලාව ඇතුළු DP Coding School පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා පහත ලිපි කියවන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...