*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

වැඩ වර්ජන කර රටට මහා විනාශයක් කරනවා – එස්. එම්. චන්ද්‍රසේන

අරගලයෙන් බැරි වූ දේ වැඩ වර්ජන වලින් කරන්න උත්සාහ කරන බවත්, මේවායින් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ ජනතාවට වගකිය රජයක් හැටියට මේවාට නිර්භීතව මුහුණදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (15)පැවැති මාධ්‍ය හමුවේදී මේබව පැවැසූ ඒ මහතා මෙසේද සඳහන් කළේය .

” වැඩ වර්ජන කර රටට මහා විනාශයක් කරනවා. ගෝල්ෆේස් අරගල භූමියේ දැකපු මුුහුණුතමයි මෙතනත් දකින්න තියෙන්නේ. ඒ අය තමයි නැවත රට අරාජික කරීමේ වැඩපිළිවෙලක සිටින්නේ. ගෝල්ෆේස් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වුනා .ඊට එහා අරගලකරුවන් බලාපොරොත්තු වූයේ කුමක්ද කියා අප දන්නේ නැහැ. අරගලයේ පරමාර්ථය වූයේ රට අරාජික කිරීමයි මාස හයහතක් කරපු අරගලය නිසා ජාතික වශයෙන් විශාල ආර්ථික පාඩුවක් රටට සිදුවුනා.වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වශයෙන් මනා කලමනාකරණයින් යුතුව කටයුතු කරගෙන යනවා. අද රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා. ඩොලරයේ අගය පහතවැටීමත් සමග භාණ්ඩ මිල ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙනවා .

අද වන විට තෙල් පෝලිම් ,ගෑස් පෝලිම් නැහැ. ඒ වගේම මිල ඉහළ යාමක් වුනත් පැය 24 පුරා විදුලිය ලැබෙනවා. මේ අන්දමින් ක්‍රමානුකූලව රට හොද තත්ත්වයකට පත්වෙමින් තිබෙන අවස්ථාවකයි මේ වගේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ.වරායේ වෘත්තීය සමිති නායකයෙක් මහා උජාරුවට කියනවා පසුගිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් සියයට75ක් රජයට පාඩුවුනා මේ වර්ජනයෙන් සියයට සීයක් පාඩු කරනවා කියලා . .ගුරු වෘත්තීය සංගමේ ස්ටාලින් කියනවා ගරු වර්ජනය සියයට සීයක් සාර්ථකයි කියලා. රජයේ පාසල්වල ගුරු වර්ජනය පැවතුනත් ජාත්‍යන්තර පාසල් දරුවන් ඉගෙන ගන්නවා.රජයේ පාසල්වල ඉගෙනගන්න ගොවියගේ ,කම්කරුවගේ දරුවන්ට තමයි පාසල් යන්න බැරි වී තියන්නෙ. වෛද්‍ය වරුන් ගේ වර්ජනයෙන් පීඩා විදින්නේ මේ රටේ අහිංසක රෝගීන්. මේ අය රෝගීන් බිල්ලට දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන කරනවා. දුම්රිය වර්ජනයෙන් පීඩා විදින්නේ ධනවතුන් නොවෙයි අහිංසක ජනතාවයි.උපයනවිට බදුගෙවන්නේ ලක්ෂයකට අසන්න පිරිසක්. රටේ ලක්ෂ 223 ක් පමණවන ජනතාව බිල්ලටදීලයි මේ ලක්ෂයක් පිරිස මේ වර්ජනය මෙහෙයවන්නේ. මෙය ලැජ්ජා සහගත වැඩක්. වැඩ වර්ජන නිසා විනාශ වූ රටවල් තියෙනවා. ඉරාකය ,ලිබියාවට වගේ තත්ත්වයට මේරට පත්කිරීමටයි මේ වැඩවර්ජකයෝ කටයුතු කරන්නේ. ජනාධිපතිවරයා ගේ වැඩපිළිවෙලේ ප්‍රගිතියක් නැතිනම් රට ඉදිරියට ගෙනයාමක් සිදුනොවන්නේ නම් වර්ජන කළාට කමක් නැහැ.

නමුත් හොද ප්‍රතිළුල ලැබෙමින් තියෙන වෙලාවකයි මේ වර්ජන සිදුවන්නේ .මේක මහා ජාතික අපරාධයක්.දැන් ගොවියට අවශ්‍ය පොහොර ලැබෙමින් තියෙනවා. රට මේ විදියට ක්‍රමයෙන් ඉදිරියට යන අවස්ථාවකයි මේ දේවල් කරන්නේ. එදා අරගලයේ සිටි අයයි මේවා කරන්නේ .මේක රටට කරන දෝහිකමක්. රට ඉදිරියට යන අවස්ථාවකයි මේ වර්ජන කරන්නේ .වෘත්තිකයින්ගේ යුතුකම තමන්ගේ රට ආර්ථික ප්‍රපාතයකට වැටී තිබෙන අවස්ථාවක ඒ අයගේ දායකත්වය ලබාදීම. අවස්ථාවාදීව කටයුතු නොකළ යුතුයි.ජනතාව වෙනුවෙන් කැපවීමක් කළයුතුයි.අය කරන බදු මුදලින් සහන ලැබෙන්නේ ජනතාවටයි. ලක්ෂයකට වැඩි මාසික ආදායමක් ලබන අයෙකුට මේ රටේ ජනතාව වෙනුවෙන් රුපියල් 3000 ක බදු මුදලක් දෙන්න බැරිද? අඩු ආදයම් ලබන අය නොවෙයි පාරට බහින්නේ කර කියාගන්න පුළුවන් ආර්ථික තත්ත්වයක සිටින අයයි. මේ අය කරන ඉල්ලීම ලබාදෙන්න බැහැ කියලා නෑ. ඒ සඳහා පොඩි කාලයක් ලබාදෙන්න කියලයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ. ආර්ථිකය වශයෙන් දියුණුවක් ලබනතෙක් සුළු කාලයක් ඉවසන්න කියලයි කියන්නේ. . අඩුම තරමේ මාස පහක කාලයක්වත් ඉවසාගෙන ඉන්න. එසේ නොසිතා හිතුවක්කාර ලෙස දරදඩු ලෙස ජනතාව තලා පෙලා කරන වර්ජනයට ජනතාවගේ සහාය ලැබෙන්නේ නැහැ.ජනතාව ඹවුන්ට පාඩමක් උගන්වයි කියා මා විශ්වාස කරනවාජනාධිපතිවරයා සහ ආණ්ඩුව වට්ටන්න කරන උත්සාහයක්. නමුත් මේවා කරලා මේ ආණ්ඩුව වට්ටන්නත් බැහැ. . අරගලයෙන් බැරිවූ දේ වර්ජනයෙන් කරන්න හදන්නේ. මේවායින් ආණ්ඩුව වට්ටන්න බැහැ. ආණ්ඩුව මේවායින් පසු බසින්නෙත් නැහැ.රජයක් හැටියට අපි ඉතා නිර්භීතව මුහුණ දෙනවා. ජනතාව වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා .සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පැස්කුවල් මහතා.

අද වනවිට රට තුල විිවිධ රාජ්‍ය ආයතන වැඩවර්ජනයක නිරත වෙනවා.මෙය අරගලයේ තවත් දිගුවක් . මේවනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා.මෙවන විට රටේ ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න විසදලා තියෙනවා.රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් සිටින රටක දේශපාලනඥයින් ,රාජ්‍ය සේවකයින් එකට එකතුවී රට පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩයායුතුයි. එයයි රාජ්‍යයක අවශ්‍යතාවය. නමුත් රාජ්‍ය ආයතන කිහිපයක් වර්ජනයක් පටන්ගෙන .මේ වැඩවර්ජනයට හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ බදු වැඩිවීම. ලක්ෂයකට වැඩි ආදායම් ලබන රාජ්‍ය සේවකයින් සිටින්නේ ලක්ෂ හතයි. රටේ ජනගහනයෙන් සියයට තුනක් වත් නැහැ . මේ වර්ජන කරන අයගෙන් සියයට එකක්වත් මේ බදු සීමාවට වැටෙන්නෙ නැහැ. මේ අය කරන්නේ දේශපාලන ගේම් එකක්. රටේ ආර්ථිකය විනාශ කර රට අස්ථාවර කිරීමටයි මේ අය උත්සාහ කරන්නේ .මේ උද්ඝෝෂණ හරහා කරන්නේ රටේ ගොඩනගෙමින් තිබෙන ආර්ථිකය විනාශ කිරීමයි.මේ වර්ධනය වන ආර්ථිකය විනාශ කිරීමේ නීච ප්‍රයත්නයක් ලෙසයි මෙය හැදින්විය හැක්කේ. දියුණුව කරා යනවිට වෘත්තීය සමිතිවලට යට වීමට සිදුවුහොත් මේ රට වෙනස් කිරීමට කවදාවත් බැහැ. ජනතාවගෙන් ලැබෙන බදු මුදලින් රාජ්‍ය සේවකයින් නඩත්තු කරනවා. අලුත් ගමක් අලුත් රටක් හදන්න නම් පැරණි ව්‍යුහයෙන් අපි ගැලවිය යුතුයි. සුබසාධන රාජ්‍ය යෙන් ව්‍යවසායක රාජ්‍යයක් කරා යන ගමනේදී අනිවාර්යයෙන්ම සියලු ආයතනවල සහයෝගය ලැබිය යුතුයි. සහයෝගය නොදෙන ආයතන සම්බන්ධයෙන් අපි නීතිමය වශයෙන්් කටයුතු කළයුතුයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ අවස්ථාවේ ඉගෙනගන්නවා හැරෙන්න පාරට බැහැල උද්ඝෝෂණ කරන එකේ අර්ථයක් නැහැ..වෘත්තීය සමිතිවලටයි ස්ටාලින්ලටයි ඕන විදියට රට පාලනය කිරීමට ගියොත් රට විනාශවන බව අපි කවුරුත් දන්නවා. ස්ටාලින්ලට අවශ්‍ය කරන්නේ හැමදාම පාරට බැහැල රට විනාශ කරන්නයි. ස්ටාලින් වැණි අයට අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ලෝකයේ රටවල් අර්බුදයකට මුහුණ දුන්විට ඉන් ගොඩඒමට දුෂ්කර තා විදගෙන රටේ ජනතාව දායකවෙනවා. තමන්ගේ ධනයෙන් කොටසක් ඒ වෙනුවෙන් වැය කිරීම වෘත්තිකයින්ගේ වගකීමයි. පාරට බැහැපු අයගෙන් වැඩි ප්‍රමාණයක් බදු ්ප්‍රශ්නය නැති අයයි. මෙලෙස පාරට බහින්නේ රටේ ආර්ථිකය ඝාතනය කිරීමටයි”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan