*
Monday, September 23, 2024
spot_img

Latest Posts

කිසිදා නොවැටෙන ගෝඨා

යහපාලන රජය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්‍යය කරා යන ගමන අඩාල කල බව සියල්ලෝම දන්නා කරුණකි .ජාතික ආරක්ෂාව සුලු කොට තැකූ යහපාලන රජය අන්තවාදී සංවිධාන ක්‍රමයෙන් හිස ඔසවන තුරු නිහඬ පිලිවෙකතක් අනුගමනය කරනු දක්නට ලැබුණි. එහි ප්‍රථිඵලයක් ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල විය. මේ නිසා මෙරට විශාල ප්‍රගතියක් ඇති කරගෙන තිබූ සංචාරක කර්මාන්තය බිඳ වැටිණි . එය ආර්ථිකය බිඳ වැටීමට හේතු විය.

සැලසුමකින් තොරව , නිවැරැදි ප්‍රතිපත්තියකින් තොරව බලයට පැමිණි යහපාලන රජයේ අධූරදර්ශී ක්‍රියා කලාපය වර්තමාන ආර්ථික අර්බුදයට මූලික අඩිතාලමයි.රට ගොඩනැගීම සම්බන්ධයෙන් යහපාලන රජයට පැවති ශක්තිය අභියෝගයට ලක් වීම නිසා ජනතාව යහපාලන රජය කෙරෙහි කළකිරීමට පත්විය. එනිසා ඔවුන් කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳවැටී ජනාධිපතිවරණය මෙන්ම , මහමැතිවරණයේ ද අන්ත පරාජයක් අත්වුණි.එම රජය පැවති වකවාණුවේ එක්සත් ජාතික පක්ෂය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඳවුරු දෙකකට බෙදී එකිනෙකාට චෝදනා කර ගැනීම හැර වෙනත් යමක් නොවීය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ පවතින එම ක්‍රමය වෙනස් කිරීමට සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කළේය . එහෙත් පැවති මඩගොහොරු දේශපාලනය , එය සාක්ෂාත් කර ගැනීමේදී අභියෝගයක් වී තිබේ. එම අසීරු අභියෝගය ජයගෙන රට සෞභාග්‍යයේ මාවතට ගෙන ඒමට ජනාධිපතිවරයා ධෛර්යයෙන් , කැපවීමෙන් කටයුතු කරයි. හැකි සියලු දේ කර ඇත.

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට එතුමාට සිදුවී ඇත්තේ යහපාලනයේ වරදිනි . අනාගත අභියෝග ජයගැනීමට සිදුව ඇත්තේද අසීරු අභියෝග මධ්‍යයේය. වර්තමානයේ දී එතුමාට විවිධාකාරයෙන් ගරහන පිරිස් බොහෝය. ඒවාට නොසැලී ජනපති ගෝඨා ඉන්ද්‍රඛීලයක් සේ රටට නිවැරැදි නායකත්වයක් ලබාදෙමින් සිටී. මෙවන් තත්ත්වයක් යටතේ එතුමා අද දින ජාතික ඇමතීමට නියමිතය. ජනතා ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳ එතුමා එහිදී පැහැදිලි කරනු ඇත. රටේ බොහෝ අර්බුද පවතින අවස්ථාවක ජනතාවට පුරවැසි වගකීම අමතකව ගොස් බව පෙනේ. එමෙන්ම සියලු වගකීම් ආණ්ඩුවටම බාර දී නිහඬව සිටින බවක්ද දක්නට ඇත.

පවතින ඉන්ධන ගැටලුවේදීද ජනතාව වගකීම් විරහිත සේභැසිරෙනු පෙනේ. ගිඟයක් ඇති ඕනෑම දෙයක් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම පුරවැසි යුතුකම සහ වගකීමයි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන්ටද ඒ සඳහා සමාන වගකීමක් ඇත. අධික ඉන්ධන භාවිතයෙන් වැලකීමට ඔවුන් වගබලා ගත යුතුය .පරිවාර රථ නතර කළ යුතුය . ජනතා නියෝජිතයන් කැපකිරීම් කරන්නේ නම් ජනතාවද ඊට සූදානම්ය. පවතින තත්ත්වය හමුවේ විපක්ෂය මාන බලමින් සිටින්නේ ආණ්ඩුව පෙරලා බලයට පැමිණීමටයි. ඔවුන්ගේ ඒකායන අරමුණ එය වෙයි. එහෙත් වර්තමානයේ ගැටලු වලට පිලියම බල පෙරලියක් නොවේ. ජාතික වැඩ පිළිවෙළක් සඳහා පක්ෂ විපක්ෂ එකඟතාවක් ඇති වීම වැදගත් ය. සියලු දේ විවේචනය කිරීම විපක්ෂයේ කාර්‍යභාරය නොවිය යුතුය රට ගොඩනැගීමට විපක්ෂය සතුව වැඩ පිළිවෙළක් තිබිය යුතුය. එසේ නොවී පොදු විවේචන පමණක් සිදු කිරීම රටක දියුණුවට අහිතකරය.2015 දී බලයට පත් යහපාලන රජය සැලසුම්වීමකින් තොරව ආණ්ඩු බලය ගෙන 2019 දක්වා රට ආපස්සට ගෙන ගියේය . බලලෝභී විපක්ෂය ජනතාව කොළඹට ගෙන්වමින් තවත් පීඩාවට පත් කිරීම කණගාටුවකි. මෙවැනි උත්ඝෝෂණ වලින් ජනතාවගේ දෛනික කටයුතු වලට තවත් බාධා පැමිණේ. ප්‍රබුද්ධ විපක්ෂයක් නම් කළ යුත්තේ වත්මන් අර්බුද වලින් රට ගොඩ නැගීම සඳහා කතිකාවක් ඇරඹීමයි. එහෙත් වත්මන් විපක්ෂය ගන්නේ ළඳරු තීරණයි.

විපක්ෂයේ ළදරු කණ්ඩායම ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වී අවසානයි. මේ රටට අවශ්‍ය මහජනතාව පාරට බස්සවා , ඔවුන්ව කුපිත කර කැරලි ගසන විපක්ෂයක් නොවේ. වසර 73 කට පසු ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට අපගේ උතුම් මාතෘභූමිය මුහුණ දෙන අවස්ථාවේ විපක්ෂයේ හැසිරීම ලැජ්ජා සහගතය. ඉතාම දුක්කිතය. මින් ඉදිරියට හෝ වගකීම් සහිත විපක්ෂයක් ලෙස හැසිරෙන්නේ නම් රජයට ඔවුන්ගේ කාර්‍ය කරගෙන යාමට පහසු වනු ඇත. කෙටියෙන්ම කීවොත් ගෝඨාගේ ගමන පහසු වනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan