මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.

Date:

පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

ඉන්ධන මිල වැඩි කිරීමේ බර කිසිදු වාහනයක් නොමැති අහිංසක දුප්පත් ජනතාව මත පැටවීම අසාධාරණ බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඔවුන් එම බරෙන් නිදහස් කළයුතු බවයි.

එස්.බී. දිසානායක මහතා සිය නිවසේදී පාක්ෂිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී සඳහන් කළේ ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල රැඳී සිටින ජනතාව තමන් ඇතුළු ඇමතිවරුන්ට අසභ්‍ය වචනයෙන් පවා බැනවදින බවයි. තවත් මාස අටක් දහයක් පමණ මෙම පෝලිම් යුගය ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී තවදුරටත් ජනතාවගෙන් බැණුම් ඇසීමට ඇමතිවරුන්ට සිදුවන බවද දිසානායක මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...