මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.

පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

ඉන්ධන මිල වැඩි කිරීමේ බර කිසිදු වාහනයක් නොමැති අහිංසක දුප්පත් ජනතාව මත පැටවීම අසාධාරණ බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඔවුන් එම බරෙන් නිදහස් කළයුතු බවයි.

එස්.බී. දිසානායක මහතා සිය නිවසේදී පාක්ෂිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී සඳහන් කළේ ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල රැඳී සිටින ජනතාව තමන් ඇතුළු ඇමතිවරුන්ට අසභ්‍ය වචනයෙන් පවා බැනවදින බවයි. තවත් මාස අටක් දහයක් පමණ මෙම පෝලිම් යුගය ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී තවදුරටත් ජනතාවගෙන් බැණුම් ඇසීමට ඇමතිවරුන්ට සිදුවන බවද දිසානායක මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...