විශේෂ වෙළෙඳ බද්දෙන් ආහාර වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් තවත් ඉහළට!

0
1004

ආහාර වර්ග ඇතුළු කාණ්ඩ වර්ග 09ක් යටතේ වන භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීම හේතුවෙනුයි එලෙස මිල ගණන් වැඩි වී ඇත්තේ.

ආනයනික ඇපල්,මිදි,දොඩම්,දෙළුම් ඇතුළු ආනයනික පළතුරැ,ආනයනික යෝගට් වර්ග,ආනයනික චීස් ඇතුළු භාණ්ඩ වර්ගයි එලෙස මිල වැඩි වන්නේ.

එම විශේෂ වෙළෙඳ බද්ද අනුව ඇපල් කිලෝ ග්‍රෑමයක බද්ද රු.200කින් ඉහළ යන අතර මිදි කිලෝ ග්‍රෑම් එකක බද්ද රු 100කින් ඉහළ දමා තිබේ.

ආනයනික දොඩම් කිලෝ ග්‍රෑමයක බද්ද වැඩි වී ඇත්තේ රු.75කිනි.

මේ අතර දෙළුම් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු. 100කින් බදු වැඩි වැඩි කර ඇත.

යෝගට් කිලෝ ග්‍රෑමයක විශේෂ වෙළෙඳ බද්ද වැඩි වී ඇත්තේ රු.200කිනි.

ආනයනික චීස් වර්ග වෙතද අයකරන බදු වැඩි කර ඇති අතර ඒ,රු 400ක් ලෙසය.

මෙම තත්ත්වය මත එම භාණ්ඩ වල වෙළඳපොළේ සිල්ලර මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here