*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

ජ.වි.පෙ. තවතවත් නිවැරදි විය යුතුය ….

ජ.වි.පෙ. නැත්නම් වර්තමාන මාළිමාව යනු මෑතකාලීනව වේගයෙන් ප්‍රගතිශිලී දිසාවට ප්‍රතිසංස්කරණය වූ දේශපාලන බලවේගයකි.. උදාහරණයක් විදියට ජ.වි.පෙ. කලින් උග්‍ර ජාතිකවාදී සහ විකාර සහගත ලෙස බටහිර විරෝධීවූ බලවේගයකි.. ඔවුන් එදා අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව වැනි ආයාතන පවා සැලකුවේ හැරිලාවත් බැලීමට සුදුසු නැති අධිරාජ්‍යවාදී මර උගුල් ලෙසය.. නමුත් අද ඔවුන් ඒ මූලධර්මවාදී ස්තාවරයන්ගෙන් ඈත්ව අයි.එම්.එෆ්. එක සමඟ සාකච්චා පවා පවත්වමින් තිබෙනවා…

ඒවගේම ජ.වි.පෙ.පරණ ස්තාවරය උනේ වම පාරිශුද්ධ ලෙස බලය ලබාගත යුත්තේ ඓතිහාසික ලේවැකි සන්නද්ධ අරගලයකින් බවයි.. එදා ඔවුන්ට අනුව පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබාගැනීම දියාරු සංශෝධන වාදයකි..නමුත් අද ඔවුන් සන්නද්ධ මාවත ප්‍රසිද්දියේ සපුරා ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුලින් බලය ලබාගන්නා මාවතට ඇවිත් තියෙනවා…

ඒවගේම ඔවුන් උපතේ සිටම (සිංහල බෞද්ධ ) ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියේ තදින් සිටි පක්ෂයක්..එසේම අසූව අගබාගයේ උතුරේ දෙමළ ජනතාවට යම් සහනයක් ලැබුන පලාත්සබා ක්‍රියාවලියට එදා සහය දුන් සියළු දෙනාම රට බෙදීමට හවුල්වූ දේශ ද්‍රෝහීන් ලෙස සලකා ජ.වි.පෙ. තීන්දුවකට අනුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එදා ඔවුන්ට මරණ වරෙන්තුව නිකුත් කලා.. නමුත් අද ඔවුන් අවම වශයෙන් උතුරට දේශපාලන විසඳුමක් දියයුතු බව හෝ පිලිගන්නවා… එහිදී ඒ නිවැරදි වීමට ඔවුන් ගන්නා උත්සාහය ගැන මම සතුටු වෙමි..

නමුත් එදා ඒ අවිචාර සමයේ ඔවුන්ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් නිසා සිදුවූ ඝාතන ගාමිණී ලොකුගේගෙ පිට හෝ හඩ්ඩා පිටහෝ ප්‍රේමදාස පිටහෝ පටවා (මෙයින් කිසිසේත්ම හඩ්ඩා, ගාමීණී, ප්‍රේමදාස වැන්නන් සුද්දවන්තයින් ලෙස නොසැලකේ) පිට පටවා ඇඟබේරාගැනීම නම් නිවැරදි වීමට වෙර දරන ව්‍යාපාරයක ලක්ෂනයක් ලෙස ගත නොහැකිය .. මේ ඇඟ බේරාගැනීම ඔවුන් සිටි පරණ ස්ටාලින්වාදයේම උප්පර වෙට්ටියක් ලෙස සැලකීමට සිදුවේ..

ඇත්තෙන්ම දැන් ඔවුන් කල යුත්තේ ඔවුන් කල පරණ වැරදි දෑ ඔවුන්ගේ ව්‍යාපාරය තුල ඇති විවේචන ස්වයංවිවේචන ක්‍රියාවලියටහෝ බාජනය කර ඒවායේ වැරදි දැක ඒවා පිලිගෙන ප්‍රසිද්දියේ නිවැරදි වීමයි..
උපතින්ම නිවැරදි බලවේගයකට වඩා ( උපතින් නිවැරදි කිසිවක් නොමැත ) පසුව වැරදි විශ්ලේෂණය කර ඒවා නිවැරදි කරගන්නා බලවේගයක් වඩාත් පරිනත බලවේගයකි..

පසු සටහන :- අසූව අග බාගයේ මේ සිදුවීම් සිදුවන විට මාද ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙක් ලෙස සිටි බැවින් මේවා කලේ හඩ්ඩාද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයද යන්න කවුරුත් මට පැහැදිලි කලයුතු නැත..මන්ද එය සමානවන්නේ කසිප්පු පෙරපු එකාට ගෝඩා ගැන කියාදීමට උත්සාහ කිරීමටය…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan