දුම්රිය එන්ජින් රියදුරන්ගේ හිඟයක්

Date:

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ , දුම්රිය ප්‍රමාද වීම් සහ අවලංගුවීම් තවදුරටත් සිදුවිය හැකි බවයි.

විශ්‍රාම ගිය රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමද තවදුරටත් ප්‍රමාද වන බව එහි සභාපති කේ.ඊ.යූ. කොන්තසිංහ මහතා පැවසීය .

ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයින් මෙතෙක් පත් නොකිරීම බවද ඔහු පවසයි . දුම්රිය රියදුරන් 44 දෙනෙකුගේ පමණ අවශ්‍යතාවයක් පවතින බවද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි .

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය සේවයේ මෙම තත්ත්වය උද්ගත වූ බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ජේ. ඉදිපොලගේ පැවසූ අතර දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ අතිකාල දීමනා ගෙවීම සීමා කිරීම හේතුවෙන්ද දැනට රාජකාරී සිදු කරන රියදුරන් සේවයට වාර්තා කිරීම සීමා කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...