*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

මහනුවර වරද පිළිගන්නේනම් ඔවුන්ට ඉඩ දිය යුතුයි

ශ්‍රී ලංකා රගර් 2024 වසරේදී මහනුවර ක්‍රීඩා සමාජයට ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගාවලිය තහනම් කිරිමට තීරණය කර තිබෙන බව වාර්තා වෙන අතර එයට මහනුවර ක්‍රීඩා සමාජය සිය දක්ෂතාවය පදනම් කර ගනිමින් අනියම් අවස්ථාවන් අපේක්ෂා කිරීම නිසා සිඳූ වූවක් බව පැහැදිළියි.

සියලුම තරග ක්‍රීඩා සමාජවල ක්‍රිඩා පිටිවල නොපවත්වන තත්ත්වයක් තුළ මහනුවර ක්‍රීඩා සමාජය තමන්ගේ ක්‍රීඩා පිටිය සේ සැළකෙන නිත්තවෙල ක්‍රීඩාංගණයේ තරග පැවත්වීමට ඉල්ලීමම යම් අසාධාරණ ස්වරූපයක් ගන්නා බව පැහැදිළිය.ලීග් තරගාවලියේදී කොළඹ ක්‍රීඩා පිටිවලට පැමිණ ක්‍රීඩා කරපු කණ්ඩායමකට ක්ල්පර්ඩ් කුසලාන තරගාවලියේදි කිලෝ මිටර් කිහිපයක් දුර ඇති පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට යාමට නොහැකි යැයි කීම තාර්කික නැත.මහනුවර ක්‍රිඩා සමාජය නියෝජනය කරන ත්‍රිත්ව ආදි සිසුන් ද සිටින අතර එම ක්‍රීඩා පිටිය ත්‍රිත්ව විද්‍යාලයට අයත් එකකි.

නිත්තවෙල මහනුවර ක්‍රීඩා සමාජයට ලබා නොදෙන්නේ වෙනත් ක්‍රීඩා සමාජයකට තමන්ගේ ක්‍රීඩා පිටිය ලබා දී තිබියදී ද නොවන තත්ත්වයක මහනුවර ක්‍රීඩා සමාජය එවැනි ඉල්ලීමක් කිරිම සුදුසුද නැද්ද යන්න දැන්වත් මහනුවර ක්‍රීඩා සමාජය කල්පනාවට ගත යුතුය.තරගාවලියේ සිටින අනිත් ප්‍රධාන ක්‍රීඩා සමාජ සියල්ලම කොළඹ කේන්ද්‍රීයව ක්‍රීඩා කරන අතර බහුතර ක්‍රීඩා සමාජ ප්‍රමාණයක් කොළඹ නිසා සියලුම තරග කොළඹ පැවත්වීමේ එකඟතාවයකට නොපැමිණ,ශ්‍රී ලංකා රගර් මහනුවර ක්‍රීඩා පිටියක් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් වෙන් කිරීම ගත හැක්කේ ද සාධාරණ හා සාධනීය පිළිවෙතක් හැටියට ය.

මෙවැනි තත්ත්වයක අන් කිසිවෙක්ට නොදෙන වරප්‍රසාදයක් අයිතියක් යැයි සිතා ඉල්ලා සිටිමින් ක්ලිෆර්ඩ් කුසලානය මඟ හැර යාම මහනුවර ක්‍රීඩා සමාජය පැත්තෙන් සිඳු වූ වරදක් බව පැහැදිළිව අවබෝධ කර ගත යුතුය.මහනුවර සූරයන් බව අවිවාදිතය.එය අප මීට පෙර ද සඳහන් කර ඇති පරිදි සියලුම ක්‍රිඩා සමාජවලට පොදු වූ නීති සහ රීතී ද අවස්ථාවන් අනුව ද ලබා ගත් එකක් බව බැහැර කළ නොහැකිය.

ක්‍රීඩා අමාත්‍යංශයට මෙවැනි කාරණාවලදී පණත ඔසවාගෙන නොපැමිණියාට, බේරුම්කරුවෙක් සේ මැදිහත්ව මේ කාරණය විසඳා දී මහනුවර ක්‍රීඩා සමාජයට වරද අවබෝධ කර දී ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රය සාමාදාන කිරීමට උපකාර කිරීමට හැකියාව ඇතත්,ඔවුන් සිටින්නේ බේද නිර්මාණය කරන තැනට තල්ලු කර ශ්‍රී ලංකා රගර් වැට්ටවීමේ ක්‍රියාවලියකය.එසේත් නැත්නම් අමාත්‍යවරයාගේ පත්කිරීම්වල සිටින ශ්‍රී ලංකා රගර් සමාජය ඇතුළේ නිලවරණයකින් බලයට ඒමට අපහසු තැනෙක සිටින පුද්ගලයින්ට අතුරු කමිටුවක් හරහා හෝ බලය ලබා දීමේ අදිටනින් දේශපාලන බලය යනු තමන්ට ඇවැසි පරිදි සියල්ල තිබිය යුතුය කියා සිතන අන්ධ මානසිකත්වයකය.
මේ සියල්ල යටතේ මහනුවර ක්‍රීඩා සමාජය තමන්ගේ ජයග්‍රහණ වරප්‍රසාදිත තත්ත්වයක් කිරීමේ නොකළ යුතු අදහසකට තල්ලු කරමින් ඔවුන්ට ජයග්‍රහණ හරහා ලැබුණ කීර්තිය සහ වීරත්වය හෑල්ලුවට ලක් කර ගනිමින් සිටින්නේය.එසේම ශ්‍රී ලංකා රගර් ඒ වෙනුවෙන් ගත් නීතිමය තත්ත්වයේ වරදක් නොවුණ ද,මහනුවර වැනි දැවන්ත ක්‍රීඩා සමාජයක් තමන්ගේ වරද නිවැරදි කරගෙන ඉදිරි වසරවලදී කටයුතු කරන්නට තීරණය කරන බව දැණුම් දෙන්නේනම් එය ද නොපමාව පිළිගත යුතුය.

බලයක්, හැකියාවක් ඇති සියල්ල ශ්‍රී ලංකා රගර් හී අභිවෘද්ධිය සහ සාර්ථකත්වය පතන හෙටක් සිය අරමුණ කර ගැනීම ශ්‍රී ලංකා රගර් හී හෙට දවසට අතිශයින් වැදගත් බව කිව හැකි අතර එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා රගර් පදක්කමක් කරා යාම සඳහා එළි ඇති වැඩ සටහන තව තවත් පළල් කරන්නට තම දැණුමෙන් සහ ශක්තියෙන් නව්‍ය අදහස් සමඟ බැඳෙමින් කටයුතු කිරීම විනා බෙදී වෙන් වෙන්ව කටයුතු කිරීම කිසිවෙක් නොකළ යුතු බව අපේ විශ්වාසය වන්නේය.

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan