ලිට්රෝ ගෑස් මිළ නොවෙනස්ව තිබිය දී ලාෆ් ගෑස් මිළ ඉහළට!

Date:

ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිළ ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ලාෆ් සමාගම සපයන කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු. 1,359 කින් ඉහළ නංවා නව මිළ රු. 4,199 ලෙස සටහන්ව තිබේ.

කෙසේවෙතත්, මෙවන් මිළ ඉහළ දැමීමක් සඳහා රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගමට අවසරයක් ලබා දී නැති බවයි වාර්තා වන්නේ.

2021 අගෝස්තු මාසයේ දී ලාෆ් සමාගම සිය කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු. 1,493 සිට රු. 1,856 දක්වා ඉහළ දැමූ අතර, ඉකුත් ඔක්තෝබර් මස මෙම මිළ රු. 2,840 දක්වා ඉහළ ගියේය.

කෙසේවෙතත්, නවතම මිළ රු. 4,199 ලෙස සටහන්ව තිබේ.

පවතින මිළට ගෑස් ලබා දෙන ලිට්රෝ සමාගම තම ආර්ථික අවදානම සම්බන්ධයෙන් ප්‍රකාශ පවා නිකුත් කර තිබිය දී ලාෆ් සමාගමට පමණක් මිළ ඉහළ දැමීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ මන්ද යන්න ප්‍රශ්න සහගත ය.

මෙම තත්ත්වය තුළ, රටේ සියලු හෝටල් වසා දැමෙද්දී ඩොලර් රටට අහිමි කරමින් ගෑස් මත යැපෙන සියලු කර්මාන්ත වසා දමා ජනජීවිත අවුල් කොට ගෑස් හිඟය මතින් තම පෞද්ගලික අවශ්‍යතාව සපුරා ගන්නේ කවුරුන් ද යන්න ලිට්රෝ ගෑස් සුරැකීමේ එකමුතුව ප්‍රශ්න කර සිටියි.

ලිට්රෝ ගෑස් මිළ ගණන් දර්ශකය

ලිට්රෝ ගෑස් සමාගම කඩකප්පල් කිරීමට මෙම පාර්ශවයන් මුලසිටම දැරි ප්‍රයද්නය මෙමඟින් පැහැදිලි වන බව ද ඔවුහු අවධාරණය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...