අද (21) දවසේ මිලිමීටර් 50 ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...