*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයක් නිසා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක්. එය වහාම වෙනස් කරන්න – සජිත්

2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තිය, 19 වැනි වගන්තිය සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ වයස 16 සිට 14 දක්වා අඩු වීම, පිරිමි වරදකරුවකුට වයස 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම මෙන්ම 363 වෙනස් කිරීම හරහා පිරිමි හා ස්ත්‍රී දූෂණ දෙකම එක වගන්තියකට ගෙන ඒම සම්බන්ධයෙන් බරපතල විරෝධතාවක් කාන්තා පාර්ශ්වයෙන් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

363 කාන්තාවන්ට පමණක් වෙනම පරිච්ඡේදයක් ක්‍රියාත්මක විය යුතු බවත් පිරිමි පාර්ශ්වයට සිදුවන දූෂණ කටයුතු 365 බී 1 යටතේ දැනටමත් ක්‍රියාත්මක වන බවත් පිරිමි පාර්ශ්වයට සිදුවන අගතිය විශේෂිතව සඳහන් කිරීමේ ගැටලුවක් නොමැති වුවත් පිරිමින්ට සහ කාන්තාවන්ට සිදුවන දූෂණ ක්‍රියාවලී එකට යෙදවීම සම්බන්ධයෙන් කාන්තාවන්ගේ බරපතල විරෝධයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටක් ලෙස කාන්තා අයිතිවාසිකම් අදාළ සම්මුතියට සහ ළමා අයිතිවාසිකම් සම්මුතියට පවා අත්සන් කර ඇති මොහොතක මේ යෝජනා රජයේ සාකච්ඡාවට භාජනය කර ඉදිරිපත් කර ඇති සංශෝධන වැදගත් කරුණු ලෙස සඳහන් කරන බවත් පාර්ලිමේන්තුවේම 225ම මේ සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිට මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ළමා, කාන්තා හා පුරුෂ පක්ෂයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන, පාර්ශ්වකරුවන් හා විශේෂඥයන් සිටින බැවින් ඔවුන් කැඳවා සාකච්ඡා කර මේ වැරදි ක්‍රියාව අත්හිටුවා කාන්තා හා ළමා සංයුතියට අනුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙය සෞඛ්‍ය අංශයේ නිසි උපදෙස් මත ක්‍රියාත්මක නොවූ බවට වාර්තා වන නිසා මෙම බරපතල කරුණු සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කර සංශෝධන සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan