*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ලංකාවේ පාපන්දුව ෆිෆා දැලේ; ලංකා පාපන්දුවෙ ලොක්කා පොලිස් දැලේ

ශ්‍රී ලංකාවේ පාපන්දුව ජාත්‍යන්තරය වශයෙන් තහනම් වි ඇති අතර එම තහනම මේ වන විට පාපන්දු ක්‍රිඩා කරන රටවල් 197 ක් අනුමත කර ඇත.ඒ තහනමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ක්‍රිඩා අමාත්‍යංශය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ ඒකඟ වූ පරිදි නිලවරණ සිතියම ක්‍රියාත්මක නොකිරීමය.
ඒ් ආකාරයට තහනමට තුඩු දුන් නිලවරණයෙන් පාපන්දු සභාපතිවරයා හැටියට පත් වූයේ ශ්‍රී රංගා ය.ශ්‍රි රංගා සභාපතීත්වය දරන පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිළි නොගත්ත ද,ඒය තඹයකට මායිම් නොකර ශ්‍රී ලංකාවේ පාපන්දු ජාත්‍යන්තරයෙන් කාලෙකට අතු ගා දමන්නට අවශ්‍යය ක්‍රියා කළාප සඳහා ඉඩ සඳමින් ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විටත් ලෝකය පිළි නොගන්නා පාපන්දු සම්මේලනය සමඟ ගණු දෙනු කරමින් ඇත.

මේ තත්ත්වය යටතේ ලෝකය පිළි නොගන්නා පාපන්දු පරිපාලනයකට නායකත්වය දෙන ශ්‍රී රංගා ඔහු මීට වසර ගණනකට පෙර සිඳු කරන ලද රිය අනතුරක් සහ ඒහිදි සාක්ෂි සඳහා බලපෑම් කිරීම ආදි කරුණු සළකා අත් අඩංගුවට ගෙන ඇත.මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී රංගා ලෝකය පිළි නොගන්නා ජාතික සංගමයක ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටින අතර ඊට අනුබල දෙන සියලු දෙනා ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ක්‍රියා කළාපවලට පිටින් කටයුතු කිරිම සමබන්ධයෙන් විශාල අවදානමකට තමන් පමණක් නොව රටේ පාපන්දුව ද රට ද පත් කරමින් සිටියි.

ලෝකයේ විශාලම මුදල් සංසරණය ඇති ක්‍රිඩා පරිපාලනය වන ජාත්‍යන්තර පාපන්දු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ද වෙයි.ලෝකය පිළිගත් සම්මතයන්ට බැහැරව තෙවන පාර්ශවයක බලපෑම යන්න පාපන්දු තහනමට ප්‍රධාන වශයෙන් බල පා ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී රංගා පෙරටු කර ගනිමින් තමන්ගේ දේශපාලන පෞරුෂය ෆි‌ො වෙත පෙන්වීමේ වෑයමක නිරත වෙමින් සිටියි.නමුත් ජෝ බයිඩන් ට හෝ පුටින්ට වත් අඩංගු නොවන ක්‍රීඩා දේශපාලනයේ දැවන්ත බව ක්‍රිඩාව තුළ රටක පක්ෂ දේශපානය ඉක්මවා සිටින්නක් බව තවමත් ජාත්‍යන්තර චරිතයක් බව කියන ජනාධිපතිවරයා හෝ ක්‍රිඩා අමාත්‍යවරයාට පැහැදිළි කර දී නැත.

කෙසේ හෝ ලෝකය තහනම් කර තිබෙන ලංකාවේ පාපන්දු ප්‍රධානියා ශ්‍රී ලංකාවේ නීතිය යටතේ රිමාන්ඩ් බණ්ධනාගාර ගතවීම අපූරු වැඩකි.ක්‍රීඩාවේ භාවිතා වන සුලභ වචනයකට,රගර් ක්‍රීඩා කර නැති ආසියානු රගර් සම්මේලන සභාපතිවරයා විසින් කරන ලද තහනමක් මහා බරට ඔසවා ගෙන ක්‍රිඩා අමාත්‍යවරයා තමන් ලෝකයවත් මායිම් නොකර ලෝකයටත් විශාල කොට ආරක්ෂා කරමින් සිටින තහනම් පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම නිමිත්තෙන් කුමන ක්‍රියා මාර්ගයක් ගනු ඇද්ද?

ක්‍රීඩාව වැනි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට පළල් සම්බන්ධතා ඇති විශය පථයක පාලනය තව දුරටත් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ආකාරයෙන් කරගෙන යාමට ඉඩ දීම පියවර ගණනාවකින් ලැබෙන ණය මත පුනරුත්ථාපනය වන්නට බලා සිටින රටක දේශපාලනයට ද හිතකර එකක් නොවනු ඇත.ඒ නිසා අමාත්‍යවරයා වෙනස් විය යුතුය.නැතිනම් අමාත්‍යවරයාගේ ගොරහැඩි උද්දච්ච චින්තනය වෙනස් විය යුතුය.නැතිනම් ක්‍රීඩාවේ හරි අරුත් නොදැන රංගාලව පෙරටු කරගෙන අමාත්‍යවරයා රට සමඟ සෙල්ලම් කිරීම ජාත්‍යන්තර වහයෙන් ශ්‍රී ලංකාවට නරක තත්ත්වයක් වීම වර්ධනය වන්නේ එසේ අමාත්‍යවරයාගේ ආශිර්වාදය ලබන අය විවිධ වැරදිවලට සැකපිට අත් අඩංගුවට පත්විමත් හේතු කර ගෙනය.

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan