*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/26

  1. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් දෙයි; දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කරයි – සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙයි.
  2. රජයේ සේවකයන්ගේ සමෘද්ධි ඇතුළු වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා 2023 අප්‍රේල් 10 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බව පවසයි.
  3. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහමුලින්ම විරුද්ධ වී තිබූ පසුබිමක් තුළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් සිටින ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා කැමති කරවා ගැනීමට ජනාධිපතිවරයා සමත් වීම පිළිබඳව තමා සතුටු වන බව සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි – වත්මන් අර්බුදයෙන් ගොඩයාම සඳහා තමන්ගේම සැලැස්මක් ඉදිරිපත් කළ එකම දේශපාලන පක්ෂය සමඟි ජන බලවේගය බව පවසයි – 2022 අගෝස්තු මස පළමු වරට එළි දැක්වූ සමඟි ජන බලවේගයේ “බ්ලූප්‍රින්ට්” නම් ආර්ථික වැඩපිළිවෙල 2023 පෙබරවාරිවල නැවත යාවත්කාලීන කළ බවත්, රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැකි අන්දම පිළිබඳව සවිස්තරාත්මක සැලැස්මක් එහි ඇතුළත් බවත් පවසයි – හර්ෂ ද සිල්වා යනු, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව ‘බංකොලොත්’ රාජ්‍යයක් බවට නිල වශයෙන් හඳුනා ගැනීමට හේතුවූ 2022 අප්‍රේල් 14 වන දින ප්‍රකාශයට පත්වූ ස්වෛරී ණය පැහැර හැරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයෙකි.
  4. හෝමාගම පිටිපන මංසන්ධිය අසල බෞද්ධ සිද්ධස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය බන්දුල ගුණවර්ධනට හූ කියූ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ – ආගමික උත්සවයකට බාධා කිරීමේ චෝදනාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
  5. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි – 2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව සිහිපත් කරයි – ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව ද පෙන්වා දෙයි.
  6. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න තේරී පත්වෙයි – නීතීඥ සංගමයේ ඉදිරි වැඩකටයුතු ස්වාධීනව සහ පක්ෂ දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යෑමට තමා කටයුතු කරන බව පවසයි – නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙන් නොව නවරත්න යනු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කළ පුද්ගලයකු බව විවේචකයන්ගේ මතයයි.
  7. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එල්ල වී ඇති බාධාවන් පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ හමුවක් ඉල්ලා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි – මෙම ගැටළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා විසින් ද මීට ඉහත අවස්ථාවකදී පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.
  8. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස 03 ක සේවා දිගුවක් හිමිවෙයි – වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 23 වන දින ය – ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බවට පත්වීමට නියමිත බවට මීට ඉහත පළවූ වාර්තා මෙතෙක් තහවුරු කර නැත.
  9. දකුණු ආසියාවේ විශාලතම චිත්‍රාගාර සංකීර්ණයක් වන ‘Stain Studios in Sri Lanka,’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් පුදකරයි – ඒ අනුව, එම චිත්‍රාගාර සංකීර්ණය ‘ගාමිණී ෆොන්සේකා චිත්‍රාගාරය’ (The Gamini Fonseka Studio) ලෙස නම් කෙරේ.
  10. එළඹෙන ජූනි මාසයේදී ඇෆ්ගනිස්තානයට හෝ ශ්‍රී ලංකාවට එරෙහිව තවත් කෙටි දේශීය ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිතමින් සිටින බව ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා පුවත් සේවයක් වන ‘Cricbuzz’ වාර්තා කරයි – ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයෙන් පසුව, 2023 ජූනි මස දෙවන භාගයේදී ශ්‍රී ලංකාවට හෝ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් පැවැත්විය හැකිද යන්න එම ආයතනය සොයාබලමින් සිටින බව ද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan