තුනෙන් දෙකකින් පටන් ගත් ආණ්ඩුවට 113 ත් නැතිවෙයිද ?

Date:

පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුමට තේරී පත් වූ, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා කරනවා. මෙම මන්ත්‍රීවරුන් පිරිස සිය තීරණය දැනුම්දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද සූදානමින් සිටී.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව වෙත ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් නොකිරීම සහ දිනෙන් දිනම ජනතාවට පීඩාවට පත්ව සිටියදී ඊට විසඳුම් සෙවීමට ආණ්ඩුව අසමත් වීම මෙම මන්ත්‍රීවරුන්ගේ තීරණයට හේතු වී තිබේ.

සුසිල් ප්‍රේම්ජනයන්ත, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාරතුංග, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේම්නාත් සී දොලවත්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙම කණ්ඩායමට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට විමල්-ගම්මන්පිල-වාසු-ශ්‍රීලනිප කණ්ඩායමද ආණ්ඩුවෙන් ඉවත්වීමට ඔන්නෙ මෙන්න සිටින අතර එම කණ්ඩායම සතු මන්ත්‍රී ධුර ප්‍රමාණය 25 කට වැඩි වේ.

පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරග කළ ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුවේ නායකයන් පිළිබඳව දැඩි කළකිරීමෙන් පසුවන අතර ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එම පක්ෂය මේ දිනවල සාකච්ඡා කරමින් සිටී. ඔවුන්ට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ලංකා කම්කරු කොන්ග්‍රසයට කැබිනට් ඇමති තනතුරක් අහිමි වීමයි. එම පක්ෂය සතුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 04 ක් තිබේ.

මෙම තත්වය මත ආණ්ඩුව සතුව තිබූ තුනෙන් දෙකක බහුතර බලය පමණක් නොව 133 ක සරල බහුතරයද අවදානමට ලක්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...