රට අනුරට දුන්නේ කෙඳිරි ගාන්න නෙවෙයි.දැන් කරලා පෙන්වන්න – සජිත්

Date:

කොළඹ LNW:සුබ නැකැතින් රට අනුරට දීලා ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවත් බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එදිනෙදා වේල් තුන අමාරුවෙන් පිරිමහගන්නා බවත් මේ රජය ජනතාව මත පීඩනය පැටවීමට කොතරම් දක්ෂද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙදිරි ගාන බවද ඔහු පවසයි.

රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතල බෙහෙත් හිගයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතල ගැටලුවක් බවත් බෙහෙත් නැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිහෙතෙම කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...