කරුණා අම්මාන්ගේ සිහිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW):එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් විසින්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි තමන්ට නියෝග කර ඇති බව දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් පවසයි.

විනයාගමූර්ති මුරලිදරන් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී සරවනන් මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කර ඇති බව ද කියා සිටී.

තම භූමිය වෙනුවෙන් සටන් කළ හිටපු සියලු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව එක කූඩයක් යටට රැස් කරන්නැයි මුරලිදරන් නියෝග කර ඇති බවත් හිටපු නායකයෙක් නියෝග කළහොත් අනිවාර්යයෙන් ම ඔවුන් පැමිණෙනු ඇති බවත් සරවනන් විශ්වාසය පළ කළ අතර, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව පෙන්වා දුන් සරවනන් මේ සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ද කීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම මුරලිදරන්ගේ සිහිනය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...