කරුණා අම්මාන්ගේ සිහිනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW):එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් විසින්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි තමන්ට නියෝග කර ඇති බව දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් පවසයි.

විනයාගමූර්ති මුරලිදරන් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී සරවනන් මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කර ඇති බව ද කියා සිටී.

තම භූමිය වෙනුවෙන් සටන් කළ හිටපු සියලු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව එක කූඩයක් යටට රැස් කරන්නැයි මුරලිදරන් නියෝග කර ඇති බවත් හිටපු නායකයෙක් නියෝග කළහොත් අනිවාර්යයෙන් ම ඔවුන් පැමිණෙනු ඇති බවත් සරවනන් විශ්වාසය පළ කළ අතර, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව පෙන්වා දුන් සරවනන් මේ සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ද කීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම මුරලිදරන්ගේ සිහිනය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...