*
Friday, May 17, 2024
spot_img

Latest Posts

“හොරු කියන ලේබලය කිසිම පදනමක් නෑ – පොහොට්ටු සාගර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් තම අදහස් ප්‍රකාශ කළේය .

“මේ වන විට අලුතින් දූෂණය පිටුදැකීමේ පනතක් ගෙන එන්න කටයුතු කරලා තිබෙනවා. අපි දිගින් දිගටම කිව්වා රජයක් හැටියට දූෂණය, වංචාව, හොරකම පිටුදැකීම සඳහා මේ රටේ අලුතින් නිති ගෙන ඒම සඳහා පෙනි සිටිනවා කියලා. මේ වන විට මේ රටේ දූෂණ, වංචා වැළැක්වීම සඳහා ඉතාම ශක්තිමත් පනතක් ගෙන එන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරනවා. අප්‍රේල් මාසයේ අවසන් වන විට එය පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න පුළුවන් වෙයි. මේ රටේ දූෂණය, වංචාව පිටුදකිනවා කියලා ආපු රජයන් මෙවැනි පනතක් ගෙන එන්න කිසිම උත්සහයක් නොදරපු තැනක රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවෙච්ච රජයක් තුළ මෙවැනි පනතක් ගෙන ඒම එක්තරා දෛවෝපගත සිදුවීමක් හැටියට අපිට හදුන්වන්න පුළුවන්.

ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය රහුල් ගාන්ධි මැතිතුමාව වසර දෙකක කාලයක් සඳහා බන්ධනාගාර ගතකිරීමේ දඩුවමක් ලබාදුන්නා. එතුමාට ඒ දඩුවම ලැබීමට හේතුව වන්නේ වෙනත් මෝදි කියන නම් දෙකක් තිබෙන පුද්ගලියින් දෙදෙනෙක් යම්කිසි වංචනික ක්‍රියාවලකට වැරදිකරු වෙලා තිබෙනවා. ඔහු ජනතා රැලියකදි ප්‍රකාශ කර තිබෙනවා ඇයි මේ සොරකම් කරන පුද්ගලයන්ට මෝදි කියන නම තියෙන්නේ කියලා. හැබැයි මෙවැනි ප්‍රකාශයකට ඔහුට විරුද්ධව කටයුතු කරලා එරට අධිකරණයකින් වසර දෙකක සිර දඩුවම් ලබාදුන්නා.

අපි ඉදිරියට ගෙන එන්නට බලාපොරොත්තු වෙන පනතත් මෙවැනි වැරදි පැමිණිලි කරන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් කිරීමට හැකියාව තිබෙන පනතක්. මේ රටේ අද තිබෙන තත්වය කණගාටුදායක තත්වයක්. මේ රට ගොඩනගපු, සංවර්ධනය කරපු, යමක් කරපු හැම නායකයෙක්ටම හොරු කියන ලේබල් එක අලවලා ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කරලා කිසිම දෙයක් නොකරපු මේ රටේ විනාශ කරපු පුද්ගලයින් ඉස්මතුවන ප්‍රවණතාවයක් මේ රටේ ගොඩනැගෙමින් තිබෙනවා. කිසිම පදනමක් නැතිව,ඔප්පු කරන්න කිසිම සාධකයක් නැතුව මේ රට වෙනුවෙන් වැඩකරන නායකයින්ට හොරු කියන ලේබලය අලවන පුද්ගලයින් තමන්ට කිසිම වැඩක් කරන්න බැරි අසාර්ථක වෙච්ච අසමත් වෙච්ච පුද්ගලයින්. මෙය සමස්ථයක් වශයෙන් රටට ඉතාම අහිතකර තත්වයක්. මේ වගේ තත්වයක් තිබුණොත් මේ රටේ වැඩකරන කිසිම පුද්ගලයෙක් මේ රටේ දේශපාලනයට එන්නේ නෑ. ඉදිරියට රාජ්‍ය ආයතනයක තනතුරක් ලබා ගන්නවත් වැදගත් ශක්තිමත් පුද්ගලයෙක් මේ රටේ කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑ. මේ රටේ මෙවැනි පනතක් ගෙනැවිත් මේ වගේ තත්වයක් ඇති කිරීම තමයි මේ රටට කරන්න පුළුවන් හොඳම දේ. ඉදිරියට බොරුවට නිර්දෝෂි පුද්ගලයින්ට හොරු කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරන පුද්ගලයන්ට විරුද්ධව තවදුරටත් කටයුතු කිරීමට තවත් ශක්තිමත් නීති ඉදිරියට ගෙන එන්න කටයුතු කරනවා”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan