නවසීලන්තයට ගහන්න ගොස් වරද්දා ගනියි

Date:

හැමිල්ටන් හී පැවති තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට නම්බු රහිත කඩුලු හයක පරාජයක් අත් විය.ඒ අනුව තරගාවලියේ ජය තරග 2-0 ක් සේ නවසීලන්තයට හිමි විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට අහිමි වූ අතර එහි වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව උත්සාහ කළේ පළමුව පන්දුවට පහර දී ඉහළ ලකුණු සංඛ්‍යාවකට පිවිසෙන්නය.නමුත් උත්සාහය ව්‍යර්ථ විය.කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 157 ට දැවිණ.

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය පැතුම් නිශ්ශංක ලකුණු 57 ක් ලැබූ අතර ඔහු හයවන කඩුල්ල ලෙස දැවී යන තෙක්ම හොද ලකුණු සබඳතාවයක් සඳහා මාර්ග සොයමින් වෙහෙසිණ.නායක දසුන් ශානක ලකුණු 31 ක් ලැබූ අතර චාමික ලකුණු 24 න් දායක විය.

පන්දු යැවීමේ දී ප්‍රථම තරගයේ දී මෙන්ම හෙන්රි ෂිප්ලි ලකුණු 32 ට කඩුලු 3 ක් දවා ගත්තේය.ඒ හෙන්රිට වඩා මේ තරගයේ බලපෑම් ඇති කළ වෙනත් හෙන්රිලා දෙදෙනෙක් විය.පන්දුවෙන් ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගත් මැට් හෙන්රි සහ පන්දු 52 න් නොදැවී ලකුණු 44 ක් ලැබූ හෙන්රි නිකොලස් එම හෙන්රි දෙදෙනා ය.

පන්දුවෙන් කඩුලු දඩයමේ පෙරමුණ ගත් මැටි හෙන්රි මෙන්, නවසීලන්තයට පිත්තෙන් සහය වූ හෙන්රි නිකොලස් 15 වන පන්දු ඕවරය වන විට ලකුණු 59 ට කඩුලු 4 ක් දැවී සිටි නවසීලන්තයට පස්වන කඩුල්ල වෙනුවෙන් නොබිදි ලකුණු 100 ක සබඳතාවයක් ඇති කරන්නට විල් යන්ග් ට අපූරු සහයක් දුන්නේය.විල් යන්ග් තරගයේ වීරයා වෙමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 86 කි.

තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසීමට හැකියාව ඇත.
https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-3rd-odi-1322361/full-scorecard

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සටන්කාමී ඉණිමක් දියත් කළ පැතුම් නිශ්ශංක ය.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...