*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මාමාට මරණයෙන් මතු හොඳ තැනක්.චරිත් කපුකොටුව දිවි සැරිය නිමා කළ සිය පුහුණුකරු ගැන කියයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 01, කොළඹ (LNW): පහත දැක්වෙන්නේ මෙරට මලල ක්‍රීඩාවේ වීසිකිරීම් ඉසව්වල තවමත් වාර්තා දරා සිටින සුවිශේෂි වීසි කිරීමේ ක්‍රීඩකයෙක් තමන්ගේ කණිෂ්ඨ ක්‍රීඩක දිවියේ දී ජාතික වටිනාකමක් සහිත ක්‍රීඩකයෙක් ලෙස මඟ එළි කළ පුහුණුකරුවා වෙනුවෙන් තැබූ සටහනකි.චරිත් කපුකොටුව දැන් වසර ගණනක සිට සිය උසස් අධ්‍යාපන කටයුතුවල සිටම ඇමෙරිකාවේ ජීවත්වන අතර තවමත් එහි සිට ලංකාවේ ක්‍රිඩාව දෙස කුළුණු නෙත් යොමවන්නෙකි.පාසල් ක්‍රීඩකයෙක් ලෙස සිය දක්ෂතා මතු කරන අවදියේ චරිත් පමණක් නොව චරිත්ගේ සටහනට පාදක වන ජීවිතයෙන් නික්ම ගිය පුහුණුකරු රංජිත් පෙරේරා සතුව තවත් වීසි කිරීමේ ඉසව්වලට සම්බන්ධ ක්‍රීඩකයෝ ද ක්‍රීඩිකාවෝ ද වූහ.ඒ අතර චරිත් ට පෙර කණිෂ්ඨ වාර්තා පොත්වල එම ඉසව්වල නම තබා සිටි ඔෂාන් පෙරේරා රංජිත්ගේ ම පුතණුවන් විය.


චරිත් මේ වන විටත් මිටිය වීසි කිරීමේ ඉසව්වේ ජාතික වාර්තාව වන මීටර් 52.53 ට මෙන්ම යගුලිය වීසි කිරීමේ ඉසව්වේ ජාතික වාර්තාව වන මීටර් 17.55 ට ත් හිමිකම් කියන්නේය.රංජිත් පෙරේරා සමඟ චරිත්ලා,ඔෂාන් ලා තරග කරන සමයේ බොහෝ විට සුගතාදාසයේ පඬියක් මත සිට මේ රටේ විසිකිරීම් ගැන අපි කතා කළෙමු. වරක් මම රංජිත් පෙරේරා වැනි ස්වෙච්ඡාවෙන් දැණුම උපයාගෙන ජාතික තගයේ ජයග්‍රහණ සඳහා ක්‍රීඩකයින් ගෙන එන පිරිස් ගැන වර්ථමානයේ ලෝක ක්‍රීඩාවේ නෝර්වේ මලල ක්‍රීඩාවේ මැදි දුර සහ දුර දිවීමේ ක්‍රීඩාවේ දක්ෂයන් නිර්මාණය කරන Gjert Arne Ingebrigtsen සමඟ සසඳමින් සටහනක් ලිවෙමි.
එහෙත් ඉතිහාසය ඔහු සමඟ පිළිවෙලකට ගොනු කර කතා කරන්නට කාලයක සිට ඔෂාන් හරහා උත්සාහ කළත්,එයට වෙලාවක් නො”ආවේ සමහර විට ඔහු ඒ වන විටත් අසනීපයෙන් සිටිය නිසා විය යුතුය.ශක්තිමත් සෘජු ගති ඇති නිරහංකාර සහ අප්‍රසිද්ධියේ තමන් දන්නා දේ සඳහා තව තවත් ස්වෙච්ඡාවෙන් දේ එකතු කර ගෙන අලුත් පරම්පරාවකට මඟ එළි කළ රංජිත් මේ වන විට දිවි සැරිය නිමා කර ඇත.’


ඔෂාන් ට පෙර ඔහුගේ සොයුරා වූ සමාජ ජාලා හී ප්‍රකට චරිතයක් වන මහී රංග පෙරේරා ට ද පාපැදි ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ සඳහා යන්නට මඟ කියූ ඇඳුරිඳුය.මහී ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ පසුගිය දිනවල සිය පියාට ඇප උපස්ථාන කරන අතරේ වරක් තමන් ඔහුව පිසින මොහොතක එය දැඬි වූ නිසා මහීට පවසා තිබුණේ “මං ට්‍රක් එකක් නෙමෙයි බං” යනුවෙන් ය.ඒ මහී ඕස්ට්‍රේලියාවේ ට්‍රක් රථ රියදුරෙක් ලෙස සේවය කරන බැවින්ය.එහෙත් එහිදී මේ ලියුම්කරුට සිහිපත් වූයේ රංජිත් යනු ට්‍රක් එකක්ම බවය.එහිදී නොලියූ ඒ අදහස මෙහි ලියන්නේ චරිත් කපුකොටුවගේ සටහනට පෙරය.චරිත් වැනි බොහෝ අය මලල ක්‍රීඩා දිවියේ රංජිත් නම් වූ ට්‍රක් රථයේ නොමිළේම ජීවිත ජයග්‍රහණ කරා පටවාගෙන ගියේ ය. නිල පුහුණුකරුවෙක් නොවුණු තනිව හදාරමින් පුහුණු කාර්යේ නිරත වූ රංජිත් සම්බන්ධයෙන් චරිත් තැබූ ඉංග්‍රිසි සටහනේ පරිවර්ථනය පහතින් දැක්වෙන්නේය.
මම යෞවනයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන විට යොවුන් වියේදීම මලල ක්‍රිඩාව තෝරා ගත් බව බොහෝ අය දනිමි. එවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂ පුහුණුකරුවන් සොයා ගැනීම තරමක් අපහසු විය. ජීවිතයේ මුල් කාලයේ දී, මගේ පියා සහ තවත් කිහිප දෙනෙකු විසින් මාව පුහුණු කරන ලද නමුත් 2004 දී මට රංජිත් මාමා හමුවීමත් සමඟ තත්වය යහපත් අතට හැරුණි. ඔහු සහ ඔහුගේ පුතා හමුවීමට මම මගේ දෙමාපියන් සමඟ පළමු වරට ඔහුගේ නිවසට ගිය දිනය තවමත් හොඳින් මතකයේ තැන්පත්ව ඇත. එදින ඔහු මාව පුහුණු කරන්න එකඟ වුණේ දීර්ඝ සාකච්ඡාවකින් පසුවය.


ඔහුගේ පුහුණු කිරීම යටතේ, මට නොහැකි යැයි සිතූ ජයග්‍රාහී කඩඉම් පසු කරන්නට අවස්ථාව උදා විය. ඔහුගේ කොන්දේසි විරහිත සහයෝගය සහ මගපෙන්වීම නිසා මම ශ්‍රී ලංකා ජවන හා පිටිය තුළ ඉහළම මට්ටමින් තරග වැදිණි. මාමා මට කිහිප වතාවක්ම පැවසුවේ ඔහුට අවධානයට ලක් වීමට අවශ්‍ය නැති බවත්, ඔහුගේ සේවය වෙනුවෙන් ඔහු කිසිවක් බලාපොරොත්තු නොවන බවත්ය. මට ඒ කාලේ නොතේරුණත් ඒ හැඟීම්වල වටිනාකම අද හොඳින් දැනෙන්නේය.


විදෙස් ගත් වූ පසු අපි එකිනෙකා අතර නිතර නිතර ඇසුරක් නැති වුණ ද, සබඳතා පෙර සේ ම පැවතිණි.
කෙටියෙන් කිවහොත්, ඔහු වසර කිහිපයකට පෙර මාරාන්තික රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර ඔහු ඒ හේතුවෙන් දැන් ජීවිතයෙන් නික්ම ගොස් ඇත.මට ඔහුව අවසන් වරට දුටුවේ 2022 දී නිවසට පැමිණි අවස්ථාවේ දි වන අතර එම හමුව මාමා සහ මා අතර අවසන් හමුව වේ යැයි මම නොසිතුවෙමි.
මාමා මා වෙනුවෙන් කළ සෑම දෙයකටම ස්තූතිවන්ත වන අතර, ඔබට මරණයෙන් මතු වඩා හොඳ තැනක් හමුවන බව මම විශ්වාස කරමි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan