UNDP සහ NPP අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු වූ බව සඳහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවත් ඔවුන්ගේ වාර්තාවට එම තොරතුරු ඇතුල් වී ඇති බවත් පෙන්වා දුන් බව පැවසේ.

මෙම හමුව සඳහා එම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota), ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික බිමල් රත්නායක එක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...