තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බෑ – ශ්‍රීලනිපය එක හඬින් කියයි. තීන්දුව ගැනීම මෛත්‍රීට බාරදෙයි

තවදුරටත් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා දුන් බවත් ඒ අනුව සතියක් තුළ ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

“මධ්‍යම කාරක සභාවේදී සියලුම සාමාජිකයින් එක හඬින් කියා සිටියා ආණ්ඩුව තුළ තවදුරටත් ඉන්න බැහැයි කියන කාරණය. නමුත් ඒ පිළිබඳව අවසාන තීරණය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා, අපේ හිටපු ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි අවසර දුන්නා. සතියක් ඇතුළත එතුමා සිය අදහස ප්‍රකාශ කරනවා ඒ පිළිබඳ තීරණය ගැනීමට”

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) රාත්‍රියේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...