ඩීසල් නිකුත් කිරීම ඇරඹෙයි ! විදුලි උත්පාදනයට මෙට්‍රික් ටොන් 3500 ක් !

0
444

ඩීසල් නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග නිකුත් කරන බවයි සංස්ථාව පවසන්නේ.

මේ අතර විදුලි නිෂ්පාදන කටයුතු සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3500 ක් බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී විදුලි කප්පාදුව අවමවීමට නියමිතය.

ඩීසල් තොග නොලැබීම සහ ඩීසල් තොග මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තෙලේ සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීම සම්පූර්ණ අත්හිටුවා තිබූ අතර මේ නිසා රටපුරා බොහෝ ඉන්ධන පිරවුම්හල් වසාදමා තිබිණි.

ඩීසල් අර්බුදය හේතුවෙන් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව පසුගිය දිනවලදී පැය 13 ද ඉක්මවා තිබිණි.

මෙම තත්වය මත ආණ්ඩුවට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කෙසේ නමුත් ඇඳිරි නීතිය තිබියදී පවා ඇතැම් ප්‍රදේශ්වල ජනතා උද්ගෝෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here