ඩීසල් නිකුත් කිරීම ඇරඹෙයි ! විදුලි උත්පාදනයට මෙට්‍රික් ටොන් 3500 ක් !

Date:

ඩීසල් නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග නිකුත් කරන බවයි සංස්ථාව පවසන්නේ.

මේ අතර විදුලි නිෂ්පාදන කටයුතු සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3500 ක් බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී විදුලි කප්පාදුව අවමවීමට නියමිතය.

ඩීසල් තොග නොලැබීම සහ ඩීසල් තොග මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තෙලේ සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීම සම්පූර්ණ අත්හිටුවා තිබූ අතර මේ නිසා රටපුරා බොහෝ ඉන්ධන පිරවුම්හල් වසාදමා තිබිණි.

ඩීසල් අර්බුදය හේතුවෙන් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව පසුගිය දිනවලදී පැය 13 ද ඉක්මවා තිබිණි.

මෙම තත්වය මත ආණ්ඩුවට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කෙසේ නමුත් ඇඳිරි නීතිය තිබියදී පවා ඇතැම් ප්‍රදේශ්වල ජනතා උද්ගෝෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...