ගම්පහත් වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

0
309

ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

අද (08) පස්වරු 04.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම වෙඩිතැබීම සඳහා පිස්තෝලයක් යොදාගෙන ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN