*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රාජ්‍ය දූෂණය තවදුරටත් IMF ණය වතුරේ යයි!: පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): රටේ පවතින ආර්ථික අර්බුදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීමෙන් පසුව ද, රටේ ජනතාව දුක් විදිමින් සිටියදී දූෂිත රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් සුර සැප විදිමින් මහජනතාවගේ මුදල් පිල්ලි ගැසීමට කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය කිරීමට හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ, දූෂිත නිලධාරීන්ට දඩුවම් ලබා දීම සඳහා සහ ඉදිරියේදී ඇතිවන දූෂණ වංචා වළක්වා ගිනිමින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා වන ඒකායන අරමුණෙන් යුක්තව සද්භාවෙයෙන් මෙම හෙළිකිරීම් සිදුකරන බවයි.

සම්පූර්ණ නිවේදනය:

රාජ්‍ය දූෂණය තවදුරටත් IMF ණය වතුරේ යයි! දූෂණ හෙළි කිරීම අංක 01.

රට තුළ ඇති වී ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා දැඩි කොන්දේසි යටතේ ලෝක බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කොට එයින් කොටසක් ලබා ගත්තේ පසුගිය මාසයේය. එම ණය මුදලෙන් රට ගොඩ නැගීම සදහා කළ යුතුව ඇත්තේ දේශීය කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කිරීම වන අතර එම අරමුණ පසෙකලා එම ණය මුදල රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ගේ සුඛ විවරණය සදහා යොදා ගන්නා ආකාරය අප සංවිධානය විසින් නීරක්ෂණය කරමින් සිටී. රටේ ජනතාව දුක් විදිමින් සිටියදී දූෂිත රාජ්‍ය නිළධාරීන් කිහිපදෙනෙක් සුර සැප විදිමින් මහජනතාවගේ මුදල් පිල්ලි ගැසීමට කටයුතු කිරීමට අප සංවිධානය දැඩිව විරුද්ධවන අතර එවැනි දුෂිත නිළධාරීන්ගේ දූෂණ ක්‍රියා අප සංවිධානය අද සිට එකි නෙකින් හෙළි කරමු. එම වංචා දූෂණ හෙළි කිරීමෙන් පමණක් අප නොනවතින අතර ඒවාට විරුද්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් අප කටයුතු කරමු.

දූෂණ හෙළි කිරීම අංක 01.

රාජ්‍ය ආයතනය : පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්.

ආයතනයේ ස්වරූපය : 100% මහා භාණ්ඩාගාරය සතු  ලාභ ලබන ආයතනයකි.

සභාපති : චාමින්ද කරුණාරත්න

ඔහු පිළිබදව : හිටපු නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ මාධ්‍ය ලේකම්

                      අමාත්‍ය රමේෂ් පතිරණගේ සම්බන්ධීකරණ ලේකම්.

දුෂණ වංචා   :

01. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරමින් අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරමින් පරන්තන් කෙමිකල්ස්  ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් පරන්තන් ආයතනයේ  KS – 9971 දරණ ටොයටා 141 රථය රියදුරු අජිත් යන අය සමග ඉන්ධන ලබා ගනිමින් භාවිතා කරමින් සිටී.

02. කර්මාන්ත අමාත්‍යාංශයේ අංක PF – 6234 දරණ ඩබල් කැබ් රථය ඉන්ධන හා රියදුරු ඉන්දික සමග භාවිතා කරමින් සිටී.

03.සභාපතිවරයාට හිමි මසකට ලීටර් 145 ඉන්ධන කෝටාව ඉක්මවා යමින් KS – 9971 දරණ රථයට සතියකට ලීටර් 100 ක් ඉක්මවා යමින් ඉන්ධන ලබා ගැනීම.

04.ආයතනයේ සැපයුම්කරුවන්ගෙන් නිවෙස්වලට ගොස් කොමිස් මුදල් ලබාගෙන ඔවුන් සමග හා වෙනත් රාජ්‍ය ආයතනයක  සභාපතිවරයෙකු සමග සාද පැවැත්වීම.

ඉහත හෙළිකරන ලද සියලුම දූෂණ වංචා පිළිබදව සාක්ෂි සමග තොරතුරු අප සංවිධානය සතුව පවතින අතර මෙම හෙළි කිරීම් පිළිබදව සම්පූර්ණ වගකීම අප සංවිධානය විසින් දරනු ලබන බවද මෙම දූෂණ වංචා සදහා ඉදිරියේදී නීති මගින් කටයුතු කරනු ලබන බවද දැනුම්දෙමු.

තවද දූෂිත නිළධාරීන්ට දඩුවම් ලබා දීම සදහා සහ ඉදිරියේදී ඇතිවන දූෂණ වංචා වලක්වා ගිනිමින් අපේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීම සදහා වන ඒකායන අරමුණෙන් යුක්තව සද්භාවෙයෙන් යුක්තව මෙම හෙළිකිරීම් කරනු ලබන බවත් මෙරට රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ වංචා පිළිබදව ඔබ දන්නේ නම් එම තොරතුර අප සංවිධානය වෙත ලබා දෙන ලෙසත් මෙරට ජනතාව‌ෙගන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan