*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජපානයේ රැකියා අවස්ථා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබෙන අතර , සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato මහතා සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ , සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බවට ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයාගෙන් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ. ඒ අනුව වැඩි රැකියා අපේක්ෂිතයින් පිරිසකට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට එකගවී තිබේ.

ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එකගතාවයකට පැමිණි තිබෙන අතර ඒ සදහා වන මාර්ගෝපදේශයන් කඩිනමින් ලංකාවට ලබාදීමටත් එකගවී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan