*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව් රට වගේම, පළමුවත් දෙවනුවත් තෙවනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් හිමි විය යුතුයි – සජිත්

මේ වන විට රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම පළමුවත් මව් රට දෙවනුවත් මව් රට තුන්වනුවත් මව් රට කියනවා සේම මෙන්ම පළමුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් දෙවැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ තුන්වැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් මේ ආකාරයෙන් උගත් බුද්ධිමත් ජන පරපුරක් බිහි වනවා යනු ජාතික ආරක්ෂාව පවා තහවුරු වීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 152 වැනි අදියර යටතේ පුත්තලම හලාවත සෙන් සෙබෙස්තියන් නවෝද්‍යා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේදී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ධීවරයන්ට කණකර උකස් තියන්නත් සිදු වෙලා

මේ වන විට අප රටේ ධිවරයන්, ධිවර කර්මාන්තයේ නිරත වන්නේ ගෙදර ඇති රත්රං උගස් කර තෙල් ලබා ගෙන බවත් මෙවැනි තත්ත්වයක් කවදාවත් රට තුළ නොතිබූ බවත් ෆෙස්ටස් පෙරේරා, ජෝසෆ් මයිකල් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ කාලයේ ධීවර ක්ෂේත්‍රයේ රන්වන් යුගය උදා වූ බවත් ඔවුන් ධීවර කර්මාන්තය තරගයට දියුණු කළත් දැන් කුඩා බෝට්ටුවලට 18000කට තෙල් ගහන්න කනකර උගස් කරන්න වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වසර 20ක් ධිවර ප්‍රජාව ජීවත් වන ප්‍රදේශයක සේවය කළ තමාට ද ධිවරයන් ගැන අවබෝධයක් පවතින බවත් මේ ආකාරයෙන් අසරණ තත්ත්වයකට පත්ව ඇති ප්‍රදේශයක පාසලකට මෙවැනි ප්‍රදානයක් සිදු කළේ ඔවුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයක් ලබා දීමට බවත් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අප අධ්‍යාපනය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවර කර්මාන්තය ගැනත් අපි සිතිය යුතුයි

සුහුරු අධ්‍යාපනය සුහුරු කෘෂිකර්මාන්තය මෙන්ම සුහුරු ධීවර කර්මාන්තයක් ද පවතින බවත් සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අධිතාක්ෂණික ක්‍රමවේද එහි දී යොදා ගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ සයුර පිළිබඳ සම්මේලයේ දී ජාත්‍යන්තර මුහුදු නීතිය හරහා දූපතක් ලෙස අප රටට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් අයිති වුවත් එමඟින් හරිහැටි ප්‍රයෝජනයක් නොගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විප්ලවවාදීනුත් ධීවර ඇමතිකම් කළත් සාගරයෙන් හරිහැටි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ

මේ දිනවල කයිවාරු ගහන විප්ලවවාදින් පවා ධිවර ඇමතිකම් කළත් මේ අනන්‍ය මුහුදු සීමාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම සයුරු සම්පත ඒකාබද්ධ ව්‍යාපෘති හරහා අප රටේ අයිතියත් තියා ගෙන ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ලංකාවෙන්ම අංක 1

ලංකාවෙන්ම අංක 1 කියන්න වෙන කාටවත් බැරි වුණත් සමගි ජන බලවේගයට ලංකාවෙන්ම අංක 1 කියන්න හැකියාවක් පවතින බවත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයක් මෙවැනි වැඩකොටසක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බවත් මේ සඳහා සහයෝගය ලබා දෙන විශාල පිරිසක් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 152 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1555ක් වැය කර තිබේ.

මේ අවස්ථාවේ දී විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් සුහුරු අධ්‍යාපනය සහ නව තාක්ෂණයේ වැදගත්කම ගැන හරබර දේශනයක් සිදු කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇගයීමට ලක් විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර බෙදා දීම සඳහා පාසල්වලට යන ගමනේදී පළමු වතාවට එවැනි හරබර දේශනයකට තමා ඇහුම්කන් දුන් බවත් ඒ සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan