*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

නව නිපැයුම් රැසක් සිදු කළ හම්බන්තොට දුෂ්කර පාසලක සිසුවකුට විපක්ෂ නායක සජිත්ගෙන් අවුරුදු තෑග්ගක්

සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ පාසල් කිහිපයකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ අවස්ථාවේ දී තිස්සමහාරාම උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවකුගේ දක්ෂතා දැක ගැනීමට ද අවස්ථාව ලැබුණි.

තිස්සමහාරාමය ගෝණගමුව උඩුවිල විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි එච්. කේ. එසර නිලුපුල් සිසුවා විසින් මේ වන විට නව නිපැයුම් ද්විත්වයක් සිදු කර ඇති අතර එම නව නිපැයුම් අතර Bluetooth තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන JBL Bulb සහ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම දුරකථන බැටරි ආරෝපණ යන්ත්‍රයක් (Solar Power Mobile Phone Charger) වේ. මව සහ මිත්තනිය සමඟ අසීරු දිවියක් ගත කරන මෙම සිසුවා විසින් ජංගම දුරකථන යෙදවුම් (App) නිර්මාණය කිරීමට ද විශාල උනන්දුවක් දක්වන බව දැන ගැනීමට ලැබුණි. එසේම ඔහු විසින් පාසලේ පරිගණක උපයෝගී කර ගෙන සිදු කළ නිර්මාණ රාශියක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී දැක ගැනීමට ලැබුණි.

ඒ අනුව මෙම සිසුවා විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දක්වන අපරිමිත උනන්දුව සහ දක්ෂතාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නවීන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ඒ අවස්ථාවේ දී පරිත්‍යාග කරන ලදී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan