ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)

Date:

රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ලබාදී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටවත් අගමැති මහින්දටවත්, රාජපක්ෂ පවුලටවත්, ආණ්ඩුවටවත් බලයක් නැති බව බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සඳළුතලයක ජීවත් වන ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට ජන අරගලයේ හඬ ඇහෙන්නේ නැති බව පැවසූ විපක්ෂ නායකවරයා, ජන අරගලයේ සියලු ඉල්ලීම් වලට සමගි ජන බලවේගය සංවේදී බව ද පැවසීය.දෝෂාභියෝගය විශ්වාසභංගය මෙන්ම විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආපසු හකුලා දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමටද තමන් ඇපකැප වී ඇත්තේ ඒ නිසා බවයි ඒ මහතා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 49වන පියවර ලෙස රුපියල් විසිහය ලක්ෂ පනස් තුන්දහසක් (රු. 2,653,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (16) විපක්ෂ නායකවරයා විසින් අම්පාර තිරුක්කෝවිල් මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 48ක් තුළ රුපියල් ලක්ෂ 1289ක (රුපියල් 128,997,900) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...