වොෂින්ටනයේ දැවැන්ත බක්මහ උළෙල දෙකක්.

Date:

අශෝක ජයතුංග

අප්‍රේල් 18, වොෂින්ටන් LNW : ඇමෙරිකාවේ වොෂින්ටන්  හිදී මෙවර අති උත්කර්ශවත් බක්මහ උළෙල 02 ක් පැවැත්වින. “බෙතෙස්ඩා අපි” සංවිධානය කල උළෙල ගෙදර්ස්බර්ග් හිදීත් “ශ්‍රී ලංකා එසෝෂියේෂන් වොෂින්ටන් DC” උත්සවය ඩමස්කස් හිදීත් පැවැත්වින. ඒවා හෙළ සිරිත් විරිත් හා ලාංකීය සංස්කෘතියට  අනුගතව සංවිධානය කොට තිබිණ. මෙම අවස්ථා දෙකට ලාංකිකයන් ඇමෙරිකානුවන් හා සෙසු ජාතීන් 1000 කට අධික  පිරිසක් එක්වූහ.

          උත්සව දෙකටම වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු තානාපති නිළධාරීන් හා එම පවුල් වල අය ද එක්වූහ. කඔ ඇදීම ,කොට්ට පොර,කණාමුට්ටි බිදීම, පොල්ගෑම,බැලුන් පිපිරවීම, දෙහි ගෙඩිය හැන්දේ තබා යාම, පොල් ගෑම, රබන් ගැසීම, බෙර වාදන, සිංහල දෙමළ නර්ථන, සැගවුණ අමුත්තා ,ජනකවි හා ජනගී ගායනා, අවුරුදු කුමරා හා කුමරිය තේරීම ඇතුළු බාල මහළු කාටත් සහභාගී විය හැකි අංග රැසකින් සමන්විත වූහ. ඊට ලාංකිකයන් සමග සෙසු ජාතීන්ද එක්වූ අතර කැවුම් කිරිබත් කොකිස් මුං අළුවා පැණි වළලු දොදොල් කොත්තු ආප්ප ඉදිආප්ප තේ කෝපි ඇතුළු ලාංකිකයන්ට හුරුපුරුදු ආහාර පාන සපයා තිබිණ.

    උළෙල දෙකටම තරුණ පිරිස් එ්කරාශිවීම හා විවිධ ක්‍රීඩා හා සංස්කෘතික අංග සදහා ඔවුන් ඉදිරිපත්වීම කැපීපෙණින. එම  තත්වය දිගටම පවත්වාගෙන යන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටි තානාපති සමරසිංහ මහතා ඇතුළු තානාපති නිළධාරීන් දිගටම රැදී සිටිමින් ජනතාව සමග කතාබහ කිරීම කැපී පෙණින. ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග ලබාදුන් අතර විවිධ සමාගම්, සංවිධාන හා ජනතාව මෙම උත්සව සදහා අනුග්‍රහය දක්වා තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...