*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම අභියෝගයට ලක්කළ පෙත්සමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු පෙත්සම්!

දේශපාලන ක්‍රියාධරයන් වන ජෙහාන් හමීඩ් සහ ෂෙනාලි වඩුගේ විසින් ගොනුකර ඇති “සාවද්‍ය සහ ප්‍රබන්ධාත්මක” පෙත්සම අභියෝගයට ලක්කරමින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට කාන්තා සහ ළමා අයිතිවාසිකම් ක්‍රියාධරයන් පෙරට

කොළඹ (LNW): සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට සහාය පළ කරමින් අතුරු පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වී තිබේ.

යෝජිත පනත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කළහොත් එය සමරිසි (LGBT) ප්‍රජාවට එරෙහිව දිගු කාලීනව දියත් වූ අයුක්තියට පිළියමක් යොදනු ඇති බවට අතුරු පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මෙම අතුරු පෙත්සම්කරුවන් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු මානව හිමිකම් කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වූ හිටපු උපලේකම් රදිකා කුමාරස්වාමි, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනී වෛද්‍ය තුෂාරා වික්‍රමනායක, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ (FPA) විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ අධිවාචන අධ්‍යක්ෂ, සේව් ද චිල්රන් (Save the Children) සංවිධානයේ හිටපු ළමා ආරක්ෂක උපදේශක මෙන්ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයේ (National Partnership to End Violence Against Children) සම්බන්ධීකාරක සොනාලි පීරිස්, ගිනිකොනදිග ආසියාවේ එච්අයිවී සේවා වැඩසටහන් නිලධාරී ජේක් ඌර්ලොෆ්, අයිප්‍රොබෝනෝ (iProbono) සංවිධානයේ සමානාත්මතා අධ්‍යක්ෂ නීතීඥ අරිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ (NTN) විධායක අධ්‍යක්ෂිකා භූමි හරේන්ද්‍රන් සහ සමරිසි (LGBT) මානව හිමිකම් සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) වෙති.

ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සහ දිල්රුක්ෂි වික්‍රමසිංහ යන අය, සහ නීතිඥ තිෂ්‍යා වේරගොඩ සහ නීතීඥ එන්.කේ. අශෝක්බරන් යන අය අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් අතර වෙති.

දණ්ඩ නීති සංග්‍රහය ප්‍රමාණවත් පරිදි දරුවන් අපයෝජනයෙන් ආරක්ෂා කරනු ලබයි

යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත හරහා දරුවන් ළමා අපයෝජනයට නිරාවරණය කරන බවට දේශපාලන ක්‍රියාධරයන් වන ජෙහාන් හමීඩ්, ෂෙනාලි වඩුගේ සහ අතුල ද සිල්වා යන අය විසින් ඉදිරිපත් කර ඇති තර්කය, සියලු අතරමැදි පෙත්සම්කරුවෝ බැහැර කරති.

දරුවන් අපයෝජනයෙන් ආරක්ෂා කර ගැනීමට, පහත දැක්වෙන ප්‍රතිපාදන ද ඇතුළුව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන සපයා ඇති අතර, එකී එකඳු ප්‍රතිපාදනයක් වත් සංශෝධනය කිරීමක් සඳහා අවධානය යොමුව නැත:

  1. 286A “දරුවන් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන ප්‍රදර්ශනය (Obscene Publication exhibition relating children)”;
  2. 288A “සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කිරීම සඳහා දරුවන් බඳවා ගැනීම හෝ සේවයේ යෙදවීම (Hiring or employing children to act as procurers)”;
  3. 288B “සීමා සහිත භාණ්ඩ සංසරණයට දරුවන් බඳවා ගැනීම හෝ සේවයේ යෙදවීම (Hiring or employing children to traffic in restricted articles)”;
  4. 360B “දරුවන් ලිංගික සූරාකෑමට ලක්කිරීම (Sexual Exploitation of Children)”;
  5. 360E “දරුවකු ලිංගික ක්‍රියාවකට සම්බන්ධ කර ගැනීමට ඉදිරිපත් වීම (Soliciting of a child)”;
  6. 363 “ලිංගික අපයෝජනය (Rape)”; and
  7. 365B “බරපතල ලිංගික අපයෝජනය (Grave Sexual Abuse)”.

තව ද, දණ්ඩ නීති සංග්‍රහයේ 365B වගන්තියෙන් දැක්වෙන “බරපතල ලිංගික අපයෝජනය”, ලිංගික ප්‍රසාදය සඳහා “පුද්ගලයකුගේ ලිංගික අවයව හෝ සිරුරේ වෙනත් ඕනෑම කොටසක්, හෝ භාණ්ඩයක් හෝ ඕනෑම රන්ද්‍රයක්, හෝ වෙනත් ඕනෑම පුද්ගලයකුගේ සිරුරේ කොටසක් භාවිතයෙන්” සිදුකරනු ලබන “ඕනෑම ක්‍රියාවක්” බවට අර්ත නිරූපණය කළ හැකි බවට පෙත්සම්කරුවෝ තර්ක කර සිටින අතර, මෙකී නීතිවලින් පුද්ගලයකු විසින් දරුවකුට සිදුකරනු ලබන ලිංගික අපයෝජනයේ සියලු පැතිකඩයන් ප්‍රමාණවත් පරිදි ආවරණය වන බව පැහැදිලිව පෙන්වා දෙති. මෞඛ අපයෝජනය; ගුද අපයෝජනය, ආදී වින්දිතයාගේ සිරුරේ ඕනෑම කොටසක් දෑතින් ස්පර්ශ කිරීම ඇතුළු ඕනෑම ආකාරයක ස්පර්ශ කිරීමක් 365B වගන්තිය යටතේ ආවරණය කරනු ලබයි. මෙකී ප්‍රතිපාදන හරහා, පුද්ගලයකුගේ සමාජභාවය හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද, දරුවන්ට එරෙහිව දියත්වන සියලු ආකාරයේ ලිංගික අපයෝජනයන් හා සූරාකෑම් ආවරණය කරනු ලබයි.

එබැවින්, සමරිසි (LGBT) පුද්ගලයන් නිර්සාපරාධීකරණය කිරීම හරහා නීතිමය ගැළවුමක් නොමැතිව ම දරුවන් අපයෝජනයට නිරාවරණය කරන්නේය යන චෝදනාව ද්වේෂ සහගත, පදනම් විරහිත තර්කයක් මෙන්ම මුසාවකි.

දරුවන් ලිංගික අපයෝජනයට ලක්කර ඇති පුද්ගලයන් අතරින් අතිමහත් බහුතරයක් විෂමරිසි පිරිමින් බවට සංඛ්‍යාලේඛනවලින් පවා පෙන්වා දී තිබෙන පසුබිමක, සමරිසි (LGBT) පුද්ගලයන් යනු ළමා කාමාතුරයන් බවට ගොඩනැඟී තිබෙන පදනම් විරහිත මිත්‍යාව මෙමඟින් යළි ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි.

එච්අයිවී/ඒඩ්ස් ආශ්‍රිත පදනම් විරහිත, සාවද්‍ය සහ ප්‍රබන්ධාත්මක මිත්‍යාවන්

“සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම, සහ එච්අයිඅවී/ලිංගාශ්‍රිත ආසාදන අතර සම්බන්ධයක් ගොඩනැඟීමට ජෙහාන් හමීඩ් සහ ෂෙනාලි වඩුගේ විසින් දරන ප්‍රයද්නය අවිද්‍යාත්මක, පදනම් විරහිත, සාවද්‍ය සහ ප්‍රබන්ධාත්මක” බව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය තර්ක කර සිටියි.

“එච්අයිවී/ඒඩ්ස් යොදාගනිමින් සමලිංගිකත්වයට එරෙහිව ජනතාව අතර භීතිය පැතිරවීම පැරණි සහ යල්පැන ගිය ප්‍රචාරණ උපක්‍රමයක්” බවට අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

“දණ්ඩනීති මඟින් එච්අයිවී සේවාවන් වෙත ප්‍රවේශය අවහිර කරන අතරම, එච්අයිවී අවදානම වැඩි කරන අතර, අධි අවදානම් කණ්ඩායම් සාපරාධීකරණය කරන ශ්‍රී ලංකාව වැනි රටවල් එච්අයිවී පරීක්ෂණ සහ ප්‍රතිකාර ඉලක්ක වෙත ලබා ඇති ප්‍රගතිය අඩු බවත්, 2030 වන විට ඒඩ්ස් තුරන් කිරීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නිර්සාපරාධීකරණය තීරණාත්මක අංගයක් වී ඇති බවත්,” ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් කිහිපදෙනෙක් තර්ක කර සිටිති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාරණ වැඩසටහන (NSACP) විසින් සම්පාදනය කර තිබෙන ශ්‍රී ලංකාව සඳහා වූ එච්අයිඅවී/ලිංගාශ්‍රිත ආසාදන පිළිබඳ ජාතික ක්‍රමෝපායික සැලැස්ම, සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සහ සමරිසි (LGBT) පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින බවට පෙන්වා දෙමින් අතරමැදි පෙත්සම්කරුවන් අධිකරණයට දන්වා සිටියේ, “…මෙම දණ්ඩ නීති දෙක මඟින් සමරිසි සබඳතා සාපරාධීකරණය කරන අතර, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (MSM) සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් (TG) එච්අයිවී/ලිංගාශ්‍රිත ආසාදන සඳහා වූ සේවාවන් වෙත ප්‍රවේශ වීම අවහිර කරන බවත්, මෙම කණ්ඩායම් අතර එච්අයිවී ව්‍යාප්තිය වැළැක්වීමට නම් සේවා ලබා ගැනීමට බාධා එල්ල කරන නීති නැවත සලකා බැලීම සඳහා පෙනී සිටීම වැදගත් වනු ඇති බවත් ය.”

ඇතැම් ආගමික නායකයෝ සමරිසි (LGBT) ප්‍රජාවට සහාය පළ කරති

ඇතැම් බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් සමරිසි (LGBT) ප්‍රජාවට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම සහාය හිමිවන බවට ප්‍රකාශ කර ඇති බව ද අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. මෑත දිනක, අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ සමරිසි (LGBT) පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන නීති පාපයක් බවත්, සමරිසි (LGBT) පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කරන නීති අහෝසි කිරීමට රටවල් වහා කටයුතු කළ යුතු බවත් ය.

දේශපාලන ක්‍රියාධර ජෙහාන් හමීඩ්, මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ සහ හිටපු බ්‍රිගේඩියර් අතුල ද සිල්වා විසින් දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම පනත, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවල කොටස් සංශෝධනය කිරීමට සහ අහෝසි කිරීමට යෝජනා කරනු ලබයි. මෙම නීති, සමරිසි (LGBT) පුද්ගලයන්ගේ ජීවිත සාපරාධීකරණය කිරීමට අතිමහත් අන්දමින් යොදාගෙන තිබෙන අතර, ඒ අතර රාජ්‍ය අනුග්‍රහය සහිතව ඔවුන් බලහත්කාරයෙන් ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවලට යොමුකිරීම ද සිදුව තිබේ.

සබැඳි ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan