(VIDEO):NPP සහ කාදිනල් හිමි අතර හමුවක් – කාදිනල් හිමි ඉදිරිපිටදීම NPP යෙන් ප්‍රතිඥාවක්!

Date:

කොළඹ LNW:එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ගියද එහි සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කිරීමට තවමත් අපොහොසත් වී තිබෙන පසුබිමක ඊට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් යුක්තිය ඉටු කරන බවට අද (18) ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී එම ප්‍රහාරයට සෘජුව මෙන්ම වක්‍රවද සම්බන්ධ වූ සියලු දෙනාට අපරාධ චෝදනා ගොණු කර නීතියේ රැහැනට ගෙන එන බවටයි ඔවුන් සහතික වී ඇත්තේ.

එමෙන්ම මෙතෙක් ඒ සම්බන්ධයෙන් අනාවරණය නොවුණු කරුණු පිළිබඳ හෙළිදරව් කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමට ජාතික ජන බලවේගය යෝජනා කර තිබේ.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම,නීතිඥ සුනිල් වටගල, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...