දැන් කාලය ඇදුනා හොදටම වැඩියි. අපිට කැබිනට් සංශෝධනයක් ඕනෙමයි! (VIDEO)

කොළඹ LNW:ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අතහැර ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටින අතර 69 ලක්ෂයක් ජන්ද ගෙන ආණ්ඩුව පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් විශාල මෙහෙයක් සිදුකර ඇති හෙයින් ඔහුන් පරිපාලනයට සම්බන්ධ කරනොගන්නේ නම් එය වත්මන් ජනාධිපතිවරයාගේ විශාල අඩුපාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

ඒ, අද (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

දැනට පත්කර සිටින්නේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් බැවින් ඒ ගැන ජනාධිපතිවරයා කල්පනා කර බලා කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතුවන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ වෙනුවෙන් දැනටමත් කාලය ගත වී වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...