දැන් කාලය ඇදුනා හොදටම වැඩියි. අපිට කැබිනට් සංශෝධනයක් ඕනෙමයි! (VIDEO)

Date:

කොළඹ LNW:ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අතහැර ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටින අතර 69 ලක්ෂයක් ජන්ද ගෙන ආණ්ඩුව පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් විශාල මෙහෙයක් සිදුකර ඇති හෙයින් ඔහුන් පරිපාලනයට සම්බන්ධ කරනොගන්නේ නම් එය වත්මන් ජනාධිපතිවරයාගේ විශාල අඩුපාඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

ඒ, අද (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

දැනට පත්කර සිටින්නේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් බැවින් ඒ ගැන ජනාධිපතිවරයා කල්පනා කර බලා කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතුවන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ වෙනුවෙන් දැනටමත් කාලය ගත වී වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...