*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(VIDEO):IMF නාඩගම බොරුවක්.කරපු දෙයක් නැහැ – මහාචාර්ය G.L. පීරිස්ගේ අලුත් හෙළිදරව්ව මෙන්න!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා රජය මෙතෙක් නැටුවේ නාඩගමක් වන අතර කරපු දෙයක් නැති බවත් කළ එකම දේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ අරමුදල් කොල්ලකෑම පමණක් බව නිදහස ජනතා සභාව වෙනුවෙන් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.

ඒ අනුව සිදු වූයේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීමක් පමණක් බවයි පීරිස් මහතා කියාසිටියේ.

විදේශීය පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ජා කර අප්‍රේල් මාසයට පෙර එකඟත්වයකට පැමිණෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පවසා තිබුණද එයද ඉටුව නොමැති බව මහාචාර්යවරයා පැවසුවේය.

විදේශීය පෞද්ගලික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත නොකරන්නේ රට තුළ ව්‍යාප්තව පවතින වංචා දූෂණ හේතුවෙන් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම අසීමිත දූෂණ වංචා වැලැක්වීම සඳහා පනතක් සම්මත කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන අතර එය ඉටුකරන තෙක් ඇමරිකානු ඩොලර් බිලියන 334ක තුන්වන වාරිකය ලබා නොදෙන බවටත් අත්‍යවශ්‍ය කොන්දේසියක් පනවා තිබෙන හෙයින් රජය දැන් සූදානම් වන්නේ අකමැත්තෙන් හෝ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවද ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan