රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …

0
1401

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (21) පස්වරුවේදී ය. ඒ, ආරච්චිකට්ටුව නගුලෙලිය ප්‍රදේශයේ සැඟවී සිටියදී ය. ඔහුව අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔහු විසින් පසුගියදා කරන ලද පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුවී තිබුණු අතර ලොරි රථ දෙකකට, වෑන් රථයකට, ත්‍රීරෝද රථයකට සහ යතුරුපැදි දෙකකට හානි සිදුව තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here