අන්තරේට එරෙහිව ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි. පොලිසියෙන් දැඩි මාර්ග බාධක

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) දිනයේ පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඊයේ කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ගාලු මුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම, දක්වා ගාලු පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දිය, සිට යෝක් වීදිය, ජී.ඕ.එච්. හන්දිය දක්වා, බැංකු මාවත, ලෝටස් මාවත යන ප්‍රදේශ අවහිර කරමින් පැමිණීමට නියමිත මෙම පාගමන මගින් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපළවලට හානිකිරීමේ ප්‍රවණතාවක් ඇති බව බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය ඒ සමග ශිෂ්‍ය සංගමයේ නායකයින් ඇතුළු 16 දෙනෙකුගේ නම් ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙසයි ඉල්ලා තිබුණේ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් පොලිස් ආඥාපනත අනුව ක්‍රියාකිරීමේ බලය පොලිසියට හිමි බවයි.

කෙසේවෙතත් අද උදෑසන වනවිට පොලිසිය පෙරකී මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල දැඩි මාර්ග බාධක ඉදිකර මාර්ග අවහිර කිරීමට කටයුතු කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...