ඇමතිගෙ රග්බි ස්ථාවර ද අස්ථාවර ද… නඩුව මැයි මස 11දාට කල් යයි

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ රග්බි ස්ථාවරකරණ කමිටුවට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (24දා) විභාගයට ගත් අතර, අදාළ පෙත්සම මැයි මස 11වැනිදා දක්වා කල් තැබීමට නියෝග කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රිස්ලි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය විසුරුවා චූලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණි.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා මෙම පෙත්සමට අදාළ ලේඛන පරිශීලනයට කල් ඉල්ලා සිටි අතර, ඒ අනුව මැයි අටවන දා කරුණු දැක්වීම සඳහා ඔවුන්ට නියෝග කෙරිණ.මැයි නව වනදා පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයට කරුණු දැක්විය යුතු අතර මැයි මස 11වැනිදා මෙම පෙත්සම යළි කැඳවීමට නියම කෙරිණ.
පෙත්සම්කාර රිස්ලි ඉල්ලියාස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා, පණ්ඩුක කීර්තිනන්ද සහ කීර්ති තිලකරත්න යන මහත්වරු පෙනී සිටියහ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...