ඇමතිගෙ රග්බි ස්ථාවර ද අස්ථාවර ද… නඩුව මැයි මස 11දාට කල් යයි

Date:

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ රග්බි ස්ථාවරකරණ කමිටුවට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (24දා) විභාගයට ගත් අතර, අදාළ පෙත්සම මැයි මස 11වැනිදා දක්වා කල් තැබීමට නියෝග කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රිස්ලි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය විසුරුවා චූලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණි.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා මෙම පෙත්සමට අදාළ ලේඛන පරිශීලනයට කල් ඉල්ලා සිටි අතර, ඒ අනුව මැයි අටවන දා කරුණු දැක්වීම සඳහා ඔවුන්ට නියෝග කෙරිණ.මැයි නව වනදා පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයට කරුණු දැක්විය යුතු අතර මැයි මස 11වැනිදා මෙම පෙත්සම යළි කැඳවීමට නියම කෙරිණ.
පෙත්සම්කාර රිස්ලි ඉල්ලියාස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා, පණ්ඩුක කීර්තිනන්ද සහ කීර්ති තිලකරත්න යන මහත්වරු පෙනී සිටියහ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...