සියලු වෘත්තීය සමිති එකමුතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නාවලියක්

ඇත්ත ජනතා නියෝජිතයොනම් ජනතා ප්‍රශ්ණ වලටත් උත්තර දීලා අත් උස්සන්න

“රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ නියොජිතයද, අපේ නියෝජිතයද නැත්තං මුල්‍ය අරමුදලේ හෝ ගෝලීය ආර්ථිකයට අපෙන් වෙන පාඩුව පියවලා දෙන්න ඒ ගොල්ලෝ පත් කරපු නියෝජිතයෙක්ද? – රවී කුමුදේශ්

  1. දේශීය හා විදේශීය වශයෙන් ලබා ගෙන ඇති ණය මුදල් ගැන ඔබගේ දැනුම්වත් වීම ප්‍රමානවත්ද?
  2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු දැනුම්දීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ තාවයකට පැමිණීම සුදුසු යැයි ඔබ සිතනවාද
  3. ශ්‍රී ලංකාව අද හසුවී සිටින ණය උගුළේ බරපතළ බව ගැන ඔබ දැනුම්වත් ද?
  4. ලබා ගෙන ඇති ණය මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපෘති ගැන දැනුම්වත්ද ?
  5. විදේශීය ණය රටේ ආයෝජනය සම්බන්ධයෙන් විගණකාධිපති ලබාදුන් නිර්දේශ කියෙවා ඇත්ද?
  6. රටේ ආදායම් ඉපැයීමට තිබෙන වත්කම් සහ රාජ්‍ය ආයතන විකුණා දැමීම ගැන ඔබ එකඟ ද ?
  7. රාජ්‍ය ආයතන 400ක් පියවරෙන් පියවර විවිධ නම්වලින් හෝ නාමකරණයෙන් විකිණීමට සූදානම් කර ඇති බව ගැන දැනුම්වත් ද?
  8. දේශීය ණය කපාහැරීමේ අනිවාර්ය ප්‍රතිපලයක් ලෙස සේවකයන් ජීවිත කාලය පුරා දුකසේ උපයාගත් අර්ථසාධක අරමුදල අහිමිවන තත්ත්වයකට ඔබ එකඟ ද ?
  9. වෘත්තිකයින්,සේවකයින් හා ජනතාව පීඩාවට පත්කරන අත්තනෝමතික අසාධාරණ බදු ක්‍රමය ඔබට අනුමත කළ හැකි ද ?
  10. ජනතාව අධික ජීවන වියදම නිසා පීඩාවට පත්ව ඇති අවස්ථාවක, මහජන නියෝජිතයන් ලෙස ඔබගේ වගකීම සහ යුතුකම පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා ද ?

රවී කුමුදේශ්
වෘත්තීය සමිති එකමුතුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...