ශානක්කියන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යෑම වළක්වමින් උසාවි නියෝගයක් !

Date:

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, පෙළපාලිවලට සහභාගී වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කලවංචිකුඩි පොලිසිය විසින් අධිකරණයෙන් මෙම නියෝගය ලබාගෙන ඇති බව සඳහන්.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ උතුරු – නැගෙනහිර පළාත්වලදී නීතිය ක්‍රියාත්මක වන්නේ රටේ සෙසු පළාත්වලට වඩා වෙනස් ලෙස බවට මේ සිදුවීම විසින් නැවතත් ඔප්පු කර ඇති බවයි.

ඇත්තෙන්ම කොළඹ පැවති මහජන විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝග ලබාගැනීමට පොලිසිය අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් එම ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. දකුණේ කිසිදු දේශපාලනඥයෙකුට එරෙහිව මෑත කාලීනව මෙවන් අධිකරණ නියෝගයක් නිකුත් වී නොමැත.

රාසමානික්කම් ශානක්කියන් යනු උතුරු – නැගෙනහිර දෙමළ – මුස්ලිම් ජනතාව අතර මෙන්ම දකුණේ සිංහල ජනතාව අතරත් අතිමහත් ජනප්‍රියත්වයක් උසුළන දක්ෂ තරුණ පාර්ලිමේන්තුවරයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...