රාජකීය යුවල ආදරයේ සංවත්සරය සැමරීමට Mull දූපතට යයි!

සටහන – පුලී
අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ස්කොට්ලන්තයේ Mull දූපතට ගිය නිල සංචාරයක් අතරතුර 14 වන විවාහ සංවත්සරය සමරමින් වේල්ස් කුමරු සහ කුමරිය නව ඡායාරූප ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.

ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ යුවළ එකිනෙකා වටා දෑත් බැඳගෙන දර්ශනීය දූපත් දර්ශනය අත්විඳින ආකාරයයි.

රාජකීය යුවළගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපය සටහනක් සමඟින් උඩුගත කර ඇති බව දක්නට ලැබීය

“Mull දූපතට නැවත පැමිණීම ගැන පුදුම සහගත හැඟීමක් ඇත,”
“මෙතරම් උණුසුම් පිළිගැනීමක් ලබාදුන් සැමට ස්තූතියි.” එහි සඳහන් විය.

රාජකීය යුවල දින දෙකක් පුරා එම දිවයිනේ සංචාරය කරන අතර, ඔවුන්ගේ රාජකීය පදනම ප්‍රතිසංස්කරණය කිරීමට සහාය වන ප්‍රජා ශාලා නැරඹීමට ද නියමිතය.

2011 අප්‍රේල් 29 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී විවාහ වූ මේ යුවල 14 වසරක් මෙලෙස සපුරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...