*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පොදු සමාකාලය අහිමි කිරීමෙන් ගුවන් හමුදා අභ්‍යන්තර අර්බුද එළියට!

කොළඹ LNW:ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක් 2024.04.20- 2024.05.20 දක්වා ලබා දෙන ලදී. ත්‍රිවිධ හමුදාවට ලබා දෙන “පොදු සමාව”යනු, හමුදාව හැරගිය සාමාජිකයන්ට නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වීමට පොදුවේ ලබා දෙන සහන කාලයකි. ඒ අනුව 2024.04.20- 2024.05.20 දක්වා මෙවරද පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුණු අතර මෙවර ගුවන් හමුදාව එය තම අභිමතය පරිදි අසාධාරණ ලෙස තෝරා ගත් පිරිසකට පමණක් ලබා දෙන බවට, පොදු සමාව ආරම්භ වීමට පෙර දින (2024.04.19) එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලනගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් දන්වා තිබේ.

එම පොදු සමාව වෛද්‍ය, දන්ත හා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂකට අයත් සේවා සදහා අදාළ නොවන බව එම ලිපියෙහි සඳහන් කර ඇත. පොදු සමාව තුළ පමණක් ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය රෝහලෙහි සේවය කරන සාමාජිකයන් “වෘත්තිකයන්” යැයි ලේබල් ගසා සිටියද, කිසිඳු දිනක ඔවුන්ගේ වෘත්තිමය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි අගතියට පත් පිරිසක් අවධාරණය කරන්නේ.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙලෙස වෘත්තිකයන් යැයි හැඳින්වූ උගත් සහතික ලත් හෙද නිලධාරීන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සාමාජිකයන් දිනපතා ගුවන් හමුදා රෝහලේ වැසිකිළි පිරිසිදු කිරිමේ රාජකාරිවල යොදවන ලෙස විධි විධාන නිකුත් කර තිබෙන අතර තවද ඔවුන් හමුදා කඳවුරු තුළ කසළ වලවල්වල කසළ වර්ගීකරණය, තණ කොළ කැපීම, කුණු කාණු සුද්ද කිරීම, තණ කොළ ගැලවීම, පාරවල් අතු ගෑම, උසස් වෛද්‍ය නිළයන්ගේ නිවෙස්වල පෞද්ගලික වැඩ කටයුතු කිරීම,රෝහලෙහි පිළිගැනීමේ කුටියේ දුරකථන ඇමතුම් ලබා ගැනීමට යෙදවීම(උදෑසන 8-සවස 4)වැනි කිසිදු වෘත්තිමය වශයෙන් අදාළ නොවන රාජකාරි සඳහා දිගින් දිගටම යොදවා ඇති බවටයි චෝදනා කරන්නේ.

තවද රජයේ රෝහල් තුළ නැවැතී සිටින රෝගීන් සඳහා ආහාර බෙදා දීම, රෝගීන් සායනයන් සදහා රජයේ රෝහල් වලට ගෙන යාම හා පෞද්ගලික රෝහල් වලට ගෙන යාම සඳහා ද මෙම හෙද නිලධාරීන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සාමාජිකයන් යොදවනු ලබන බව සඳහන්. රජයේ රෝහල් තුළ හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය යනු ඉතා ගෞරව සම්පන්න අභිමානවත් වෘත්තීන් වේ. තවද ගුවන් හමුදාව තුළ ඇත්තේ නිලධාරීන් හා සෙසු නිලයන් යන දෙපිරිස පමණක් බව කියමින් වෛද්‍ය, දන්ත කේෂ්ත්‍ර වල උසස් පෙළ ජීව විද්‍යා, ගණිත අංශ වලින් සමත් උගතුන් හටද ලැබෙනුයේ අ.පො.ස සා/පෙළ සමත් අනෙකුත් සාමාජිකයන්ට ලැබෙන වරප්‍රසාද පමණි. තවද ඔවුන්ගේ වැටුප් අතර ඇති වෙනස රුපියල් 425 ක මුදලක් පමණි. ගුවන් හමුදාවෙහි උගත් සහතික ලත් හෙද නිලධාරීන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සාමාජිකයන් හට ඔවුන් හා සමාන්තර ලෙස උගත් රජයේ රෝහල් වල සේවය කරන වෘත්තිකයන් හා සසඳන විට අති විශාල වැටුප් විෂමතාවයක්, නොසැළිකිමක්,වෘත්තිමය ගරුත්වය නොලැබී යාමක් ද තිබේ.

මෙලෙස ගුවන් හමුදාව තුළ එම වෘත්තිකයන් ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කම්කරු සේවයන් ලබා ගැනීම හේතුවෙන් කලකිරුණු පිරිස් ගුවන් හමුදා රෝහල් සේවය අතහැර ගොස් ඇති බවත් නැවත එම නරකාදියට ඔවුන් කිසිවෙකුත් නොයනු ඇති බවටත් දැනට අසාධාරණයට ලක්ව සිටින පිරිස් පවසති.

තවද ගුවන් හමුදා රෝහල් තුළ සේවය කරන වෛද්‍යවරුන් තම නිවසෙහි නිදා සිටින පැය සදහාද,අතිරේකව සේවාවන් සැපයූ බව පවසමින් අතිකාල දීමනා ලබා ගන්නා බවද කියවෙයි. එලෙස අතිකාල දීමනා සහිතව ඔවුන් ලබන වැටුප ගුවන් හමුදා වෙනත් කේෂ්ත්‍රවල සේවය කරන අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් හටද නොලැබෙන බව සදහන්. මේ සියල්ල ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත්ව සිදුවන බවත් තවද ගුවන් හමුදාව තුළ වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සැලකියයුතු ලෙස සිටින අතර එම වෛද්‍යවරුන් පවා අතිකාල දීමනා ලබා ගනිමින් අනෙකුත් අධිකාරිලත් නිලධාරීන්ට වඩා රුපියල් ලක්ෂ 01 ක පමණ මුදලක් ලබාගනිමින් සිටින බවද වාර්තා වෙයි.

මෙම අතිකාල දීමනා හිමිවනුයේ ගුවන් හමුදා වෛද්‍යවරුන් හට පමණි. වෛද්‍ය බළකායෙහි ඇති උගත් වෘත්තිකයන් හට සෙසු නිලයන් ට ලැබෙන වැටුප පමනක් ලබා දෙන ගුවන් හමුදාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන් වන ඔවුන් හට පමණක් සාවද්‍ය ලෙස අතිකාල දීමනා ලබා ගැනීමට කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

වෘත්තිකයන් හට සිදුවන මෙම අසාධාරණකම් ගුවන් හමුදාපතිවරයාගේ නෙත නොගැටීම දිගින් දිගටම සිදු වුවොත් දැනට සේවයෙහි නියුතු අනික් වෘත්තිකයන්ද ඉතා නුදුරේදීම ගුවන් හමුදාව හැර යනු ඇති බව සඳහන්.

තවද නව බදවා ගැනීම් සදහා ද පිරිස ඉදිරිපත් නොවනු ඇති බව නොඅනුමානය. මෙලෙස ගුවන් හමුදාව ඔවුන්ට අවශ්‍ය පරිදි පොදු සමාව තෝරා ගත් පිරිසකට ලබා දිමෙන් කලකිරීම්,තාඩන පීඩන, සාංකාවන්,ආර්ථිකය ගැටළු හමුවේ සේවය හැර ගිය පිරිසක් බලවත් අසාධාරණයකට ලක් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan