එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යංශය සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එය ආරක්ෂක අමාත්‍යාංශය විසින් භාවිතා කරනු ලබන තුන්වන පාර්ශ්ව වැටුප් ලේඛන පද්ධතියක් ඉලක්ක කර ගත් අතර ත්‍රිවිධ හමුදාවේ වත්මන් සහ හිටපු සේවා පුද්ගලයින්ගේ නම් සහ බැංකු තොරතුරු ලබාගෙන තිබේ.

ආරක්‍ෂක ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා පාර්ලිමේන්තුවට වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති බවයි.

චීනය එම ප්‍රකාශ ‘අමූලික විකාරයක්’ ලෙස ප්‍රතික්ෂේප කරන අතර චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian සඳහන් කර තිබුණේ, බ්‍රිතාන්‍ය දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම විකාරයක් වන බවත්, බීජිං සියළුම ආකාරයේ සයිබර් ප්‍රහාරවලට විරුද්ධ වන අතර අනෙකුත් රටවලට මඩ ගැසීම ප්‍රතික්ෂේප කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...