වැසි මැඩ තැන රැක ගැනීමට ගයන්තිකාට හැකි වෙයි

Date:

ඔසාකා හී දී කිනාමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 800 කාන්තා තරගය ජය ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වුණා.ඔලිම්පික් සිහින සැබෑ කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය පිණිස අත ඇති මුදලෙන ජපානයට ගොස් තරග වැදුණ ගයන්තිකා මිට පෙර පැවති ශිෂෝකි හී පැවති තරගයද ජය ගන්නට සමත් වුණා.

ශිෂෝකා හී දී විනාඩි 2:04.35 ක කාලයක් වාර්තා කළ ගයන්තිකා මේ තරගයේදී වර්ෂාව මධ්‍යයේ ධාවනයේ යෙදෙමින් විනාඩි 02:04.26 ක දක්ෂතාවයක් වාර්තා කිරිම කැපී පෙණුනා.ඇය ඒ අනුව මේ තරග සංචාරයේ දී මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් වඩාත් කැපී පෙණුන තරගකාරිය බවට පත් වූණ අතර අරුණ දර්ශන සිය තරග නිමා කිරීමේ හොඳම කාලය අවස්ථා දෙකේදීම ඉක්මවා යන්නට සමත් වුණා.

සටහන – නිශ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...