මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW: අඛණ්ඩව වසර පහක් ආදයම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව වසර පහක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මේ වන විට රථ වාහන ලක්ෂ 83ක් ලියාපදිංචි වී තිබෙන අතර QR කේතයට ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව ඉතිරි වාහන ඇතැම්විට මාර්ගයේ ධාවනය නොවන ඒවා විය හැකි බව හෙතෙම කියාසිටියි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන අතර ඒ සඳහා 0703500525 යන වට්ස් ඇප් දුරකථන අංකයද ලබා දී තිබේ.

එම දුරකථන අංකයට ජායාරූප යොමුකරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...