කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන දැනට ස්ථිර ප්‍රකාශයක් කරන්න බෑ – පොලිස් ඇමති

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ ස්ථිර ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“ඒ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මං හිතන්නෙ පැවැත්වෙමින් තියෙනවා. ඒකෙන් පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරාවි. පොලීසිය පැත්තෙන් සියලු ආකාරයේ විමර්ශන පොලීසිය මේ වනවිටත් ආරම්භ කරලා තියෙනවා”

ප්‍රශ්නය – ඊයේ දිනයේදී වරෙන්තු නිකුත් කරපු වෙලාවේ අත්අඩංගුවට ගත්තා නම් මේක වෙන්නේ නැහැ නේද ?

“පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමයි පොලීසිය මේ පිළිබඳව දැනුවත්වෙලා තිබුණේ. පොලීසිය හිතන්නේ නැහැ රාත්‍රී කාලය වෙනකොට මෙහෙම වෙයි කියලා. ඔහු අත්අඩංගුවේ ඉඳලා නිදහස් වූ කෙනෙක්. අධිකරණ නියෝගයක් තිබුණා. ඉතින් පසුවදා උදෑසන අත්ඩංගුවට ගන්න හිතා‌ගෙන ඉන්න ඇති. ඒ පිළිබඳව පොලිස්පතිතුමාගෙන් විමසීමක් කරන්න … නමුත් ඉතින් මේ පිළිබඳව ස්ථිර මතයක් මේ වෙලාවේ ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මේ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හැකියාව තියෙන්නේ”

ප්‍රශ්නය – මේ දෙවැනි සිදුවීම සිදුවෙන්නේ සියදිවි හානිකර ගැනීමේ. ඒ පිටුපස කිසියම් හස්තයක් තිබෙනවාද ?

“අපිට එහෙම ප්‍රකාශයක් කරන්න මේ අවස්ථාවේ හැකියාවක් නෑ. මොකද මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයයි. පෙර සිද්ධියක් වුණා, ඒ සිද්ධිය පිළිබඳ ඔබට මේ වෙනකොට පැහැදිලියි. අධිකරණ වෛද්‍ය නිලධාරීන් කීපදෙනෙක් සම්බන්ධ වෙලා ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සියදිවි හානිකර ගැනීමක් බවට මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. මේ මරණය පිළිබඳවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පස්සෙ තමයි ප්‍රකාශයක් කරන්න ලැබෙන්නෙ. ඒක ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් සිදුකරයි කියලා අපි හිතනවා”

ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...