දෙමළ ජාතික සන්ධානය හා ජනපති අතර අද ( 09) හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ, අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වන බවයි.

මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ලබන 11, 12 සහ 13 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර , බලය බෙදා හැරීම, උතුරු පළාතේ සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.එහෙත්  මෙම සාකච්ඡාවට සහභාගී නොවීමට දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ වන විටත් තීරණය කර තිබේ.

ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල නායකයින් ප්‍රකාශ කර ඇත්තේ, නැගෙනහිර පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තොරව බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් එම මන්ත්‍රීවරුන් සහභාගී නොවන්නේනම් තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...