සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා මේ වනවිට සිටින්නේ ඇමරිකාවේ ය. ඔහු සතියක වැඩමුළුවක් සඳහා සහභාගී වීමට පසුගිය දිනවල ඇමරිකාව බලා ගොස් තිබිණි.
එසේ ඇමරිකාව බලා යාමට පෙර ඔහු කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගොස් ඒ මහතාව හමුවී ඇති බව සඳහන්.
එහිදී හර්ෂ ද සිල්වා මහතා රනිල් වික්රමසිංහ මහතාගේ සුවදුක් විමසා බලා ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග ප්රකාශ කළේ.


