ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:සමඟි ජන බලවේගය පොදු විපක්ෂය සමඟ එකතු වීමේ තීරණයක් ගෙන නොමැති අතර එකතු වන්නේ එක්සත් ජාතික පක්ෂ සමඟ පමණක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් පැවසුවේය.
දුෂණ වංචා චෝදනා නැති පළපුරුද්දක් සහිත දක්ෂ පිරිසක් සිටින්නේ සමඟි ජන බලවේගයේ පමණක් වන හෙයින් රට ශක්තිමත් කරන වැඩපිළිවෙලට ආණ්ඩුව සමඟි ජන බලවේගයේ මන්ත්රීවරුන්ට ආරාධනා කරමින් සිටින බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
”දුෂණ වංචා චෝදනා නැති , පලපුරුද්දක් තිබෙන , දක්ෂ පිරිසක් සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. ඒ නිසා රට ශක්තිමත් කරන වැඩපිළිවෙළට ආණ්ඩුව එකතු වී වැඩ කටයුතු කරන්නැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ආණ්ඩුව ආරාධනා කරනවා. ඒ වගේම අත්හදා බැලිම් නොකළ කණ්ඩායමක් සමගි ජනබලවේගයේ සිටිනවා. ඒ වගේම ඊළග වතාවේදී යථාර්තය තේරුම් ගෙන අත්හදා බැලිම් නොකළ නායකයෙකුට සහ කණ්ඩායමකට රට භාර දෙන්න රටේ ජනතාවට භාර දෙන්න සිදුවෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන්ගේ අද්දැකිම් සහ පලපුරුද්ද රටේ ජනතාව වෙනුවෙන් භාවිතා කරන්න සූදානම්. ඒ වගේම රටේ පොදු විපක්ෂය ලෙස ලියාපදිංචි වුණ දෙයක් නැහැ. නිල වශයෙන් රටේ විපක්ෂ නායකවරයා වන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා පමණයි. ඒ වගේම සමගි ජනබලවේගය පොදු විපක්ෂ එක්ක එකුත වෙන්න තිරණය කරලා නැහැ. සමගි ජනබලවේගය එකතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පමණයි.”
මන්ත්රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (13) සමඟි ජන බලවේගයේ මාධ්ය හමුවේදීය.


