මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායට බලප ඇති අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර ඝට්කෝපර් හි අඩි 100ක් පමණ උසැති දැන්වීම් පුවරුවක් නිවාස සහ ඉන්ධන පිරවුම්හලක් මතට කඩා වැටීමෙන් 14 දෙනෙකු මියගොස් 74 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කර තිබේ.

මුම්බායිහි නාගරික සංස්ථාව ප්‍රකාශ කර තිබුණේ, සිද්ධියෙන් පසු තවත් බොහෝ පිරිසක් සිරවී සිටි අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අද(14) අලුයම දක්වා ක්‍රියාත්මක වූ බවයි.

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම නීති විරෝධී වන බවයි.

කෙසේ නමුත්, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...